ඕස්ට්‍රේලියාවේ Studies වලට Apply කරන්න Agent කෙනෙක් තෝරද්දී මේ වැරැද්ද කරාද?

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ Studies වලට Apply කරන්න Agent කෙනෙක් තෝරද්දී මේ වැරැද්ද කරාද?

ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ගැන ගොඩක් දේවල් අපි අපේ සන්නස web articles හරහා කතා කරලා තියෙනවා. 

ඕස්ට්‍රේලියාවේ ඉගෙනගන්න හරිම Course එක තෝරාගන්න විදිහ ගැන අපි කලින් කිව්වනේ. අද අපි කතා කරන්නේ ඒ සඳහා සාර්ථකව අයදුම් කරන්නේ කොහොමද කියන දේ. ඔයා දැනටමත් අයදුම් කරලා ඕස්ට්‍රේලියාවට ඇවිත් ඉන්න කෙනෙක් වුණත් ළඟදීම මෙහෙ එන්න හිතාගෙන ඉන්න කෙනෙක් වුණත් මේක ඔයාට වැදගත් වේවි. 

ඔයාට ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය සඳහා අයදුම් කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා.

 

  1. සෘජුවම අයදුම් කිරීම (Applying Directly)

ඔයාට අවශ්‍ය පාඨමාලාව තෝරාගත්තට පස්සේ, අදාළ විශ්වවිද්‍යාලයේ හෝ අධ්‍යාපන ආයතනයේ (Education Provider) වෙබ් අඩවිය හරහා සෘජුවම Apply කරන්න පුළුවන්. නැත්නම් ඔවුන්ට Email එකක් යැවීමෙන් අයදුම්පතක් ලබා ගන්නත් පුළුවන්.

ඔයාගේ අයදුම්පත පරික්ෂා කිරීමට සති කිහිපයක් ගතවෙනවා. Postgraduate පාඨමාලා සඳහා මීට වඩා කල් ගතවෙන්න පුළුවන්. ඔයා සුදුසුකම් ලබාගත්තොත්, ඔවුන් විසින් ඔයාට Offer Letter එකක් සහ Acceptance Form එකක් එවනවා.

මීළඟ පියවර තමයි ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) හරහා ඔයාගේ ශිෂ්‍ය වීසා බලපත්‍රය සඳහා සෘජුවම අයදුම් කිරීම.

 

  1. අධ්‍යාපන නියෝජිතයෙකුගේ සහය ලබාගැනීම (Using an Education Agent)

මේ ක්‍රියාවලිය තනියම කරගන්න අමාරු නම්, ඔයාට ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සහ ජීවන රටාව ගැන හොඳ අවබෝධයක් තියෙන Registered Agent කෙනෙක්ගේ උදව් ගන්න පුළුවන්. ඔවුන් ළඟ ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ආයතන රැසක යාවත්කාලීන තොරතුරු තියෙන නිසා ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙනම දේ තෝරලා දෙන්න ඔවුන්ට පුළුවන්.

 

Agent කෙනෙක් තෝරාගද්දී මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න:

  • ඔයා ඉගෙන ගන්න කැමති විශ්වවිද්‍යාලය විසින් අනුමත කරන ලද (Supported Agent) කෙනෙක්ව තෝරාගන්න. මේ ලැයිස්තුව අදාළ විශ්වවිද්‍යාල වෙබ් අඩවිවල සඳහන් වෙනවා.
  • ගිවිසුම්වලට අත්සන් කිරීමට හෝ මුදල් ගෙවීමට පෙර, ඔවුන්ගේ අයකිරීම් (Fees & Charges) ගැන පැහැදිලිව අහලා දැනගන්න. ඕනෑම ගෙවීමකට අනිවාර්යයෙන්ම Receipt එකක් ඉල්ලා සිටින්න.
  • සාමාන්‍යයෙන් එක රටකට එක Agent කෙනෙකුට වඩා වැඩි පිරිසක් විශ්වවිද්‍යාල මඟින් පත් කරලා ඉන්නවා. ඒ නිසා Agentsලා කිහිපදෙනෙක් එක්ක කතා කරලා, තොරතුරු සසඳා බලා හොඳම කෙනා තෝරාගන්න.

අධ්‍යාපන නියෝජිතයන්ට (Agents) ඔයාගේ අධ්‍යාපන කටයුතුවලට උදව් කරන්න පුළුවන් වුණත්, අධ්‍යාපනය නිම කිරීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය (PR) හෝ රැකියා අවස්ථා සහතික කිරීමට ඔවුන්ට කිසිදු නීතිමය හැකියාවක් නැහැ. 

Agent කෙනක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු තවත් දේවල් ගැන සම්පූර්ණ විස්තර දැනගන්න පහත link එකෙන් රජයේ www.studyaustralia.gov.au වෙබ් අඩවියට පිවිසෙන්න.

https://www.studyaustralia.gov.au/en/tools-and-resources/tips-and-advice-for-students/how-to-choose-the-right-education-agent-for-you 

Don't forget to share this post!

Recent Posts

903
June 23, 2026