ඕස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සඳහා ආවට පස්සේ, ඔයා තෝරාගත්ත ක්ෂේත්‍රයට වඩා වෙනත් පාඨමාලාවක් ඔබේ රුචිකත්වයට හෝ අනාගත වෘත්තීය සැලසුම්වලට වඩාත් හොඳින් ගැලපෙන බව ඔයාට වැටහෙන්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවක දී course එක වෙනස් කරන්න ඔයාට අවස්ථාව තිබුණත්, ඒ සඳහා ඔයාගේ Student Visa එකේ කොන්දේසි පිළිබඳව සලකා බලන්න වෙනවා. ඉතින් මේ ගැන අවබෝධයක් නැතුව course change කරන්න යන්න එපා.
Student visa වල ප්‍රධානතම කොන්දේසියක් තමයි, ඔයාට වීසා බලපත්‍රය හිමිවූ පාඨමාලාවේ Level එකට සමාන හෝ ඊට වඩා higher level එකක පාඨමාලාවකට ඔයා enroll වෙලා සිටිය යුතුයි කියන එක. ඒ නිසා, course එක හෝ education provider වෙනස් කිරීමට පෙර නිවැරදි ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීම අනිවාර්යයි.
ඔයාගේ වීසා බලපත්‍රයේ වත්මන් තත්ත්වය සහ ඊට අදාළ කොන්දේසි පරීක්ෂා කර බැලීම සඳහා ඔයාට පුළුවන් පහත link එකෙන් ගිහින් රජයේ immi.homeaffairs.gov.au වෙබ් අඩවියේ තිබෙන VEVO (Visa Entitlement Verification Online) පද්ධතිය භාවිතා කරන්න.
එකම අධ්‍යාපන ආයතනයක් තුළ (Education Provider) පාඨමාලාව වෙනස් කරනවා නම්
ඔයා ඉගෙනුම ලබන විශ්වවිද්‍යාලය/උසස් අධ්‍යාපන ආයතනය හෙවත් education provider වෙනස් නොකර, එහිම වෙනත් පාඨමාලාවකට මාරු වීමට බලාපොරොත්තු වන්නේ නම් පහත නීති අදාළ වෙනවා;
- ඔයා මාරු වන අලුත් course එක දැනට කරන course එකට සමාන හෝ ඉහළ සුදුසුකම් මට්ටමක (same or higher level of qualification) පවතිනවා නම්, එහෙමත් නැත්නම් Doctoral එකක සිට Master’s එකකට මාරු වෙනවා නම්, ඒ සඳහා ඔයාගේ education provider සමඟ කතා කරලා කටයුතු සූදානම් කරගන්න පුළුවන්. මේ සඳහා අලුතින් student visa එකක් ඉල්ලුම් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අලුත් පාඨමාලාව සම්පූර්ණ කිරීමට ඔයාගේ වත්මන් visa කාලය ප්‍රමාණවත් නැත්නම්, ඔයාට අලුත් student visa එකක් සඳහා අයදුම් කරන්න සිදු වෙනවා.
- ඔයා මාරු වෙන්න යන්නේ දැනට කරන course එකට වඩා lower-level qualification එකකට නම්, උදාහරණයක් විදිහට Bachelor’s degree එකක සිට Diploma එකකට නම්, එහෙමත් නැත්නම් ඔයා ELICOS එකකට මාරු වෙනවා නම්, ඔයා අනිවාර්යයෙන්ම අලුත් student visa එකක් සඳහා අයදුම් කළ යුතුයි.
ඔයාගේ Visa Subclass එක සහ වෙනත් පුද්ගලික තත්ත්වයන් මත මෙම කොන්දේසි වෙනස් විය හැකියි. ඒ නිසා ඕනෑම තීරණයක් ගැනීමට පෙර ඕස්ට්‍රේලියානු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ (Department of Home Affairs: https://immi.homeaffairs.gov.au/change-in-situation/study-situation නිල වෙබ් අඩවිය පරීක්ෂා කර බලන්න.
එහෙමත් නැත්නම් ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි Registered Migration Agents කෙනෙක්ගේ උපදෙස් ලබාගන්න එක. ඒ මගින් ඔයාට course එකක් change කරන process එකේ තියෙන සකීර්ණතාව අඩු කරගන්න වගේම හරිම මග පෙන්වීම ලබාගන්න පුළුවන්.