10%කින් අඩු වෙන Sydney/Melbourne නිවාස මිල ගණන් දැනගන්න

ඕස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනයට අවශ්‍ය තරම් නිවාස ප්‍රමාණයක් ඉදිකිරීම සඳහා Housing Approvals ලැබෙමින් පැවතුණද, රජයේ දැවැන්ත නිවාස ඉලක්කයන් සපිරීමට තවමත් සෑහෙන්න වැඩ කොටසක් කිරීමට ඉතිරිව තිබෙනවා.

Australian Bureau of Statistics (ABS) හි අලුත්ම දත්තවලට අනුව ජූලි මාසයේදී නිවාස අනුමැතීන් 3.6% කින් පහත වැටී තිබුණද, පසුගිය මාස 12 තුළදී සමස්තයක් ලෙස නිවාස 210,000 කට අධික ප්‍රමාණයකට අනුමැතිය හිමිවී තිබෙනවා..

ජනගහන වර්ධනයට අනුව වසරකට නිවාස 190,000 ක් පමණ අවශ්‍ය වන බැවින් මෙය යහපත් ප්‍රවණතාවයක් වුණත්, 2029 වන විට නිවාස මිලියන 1.2 ක් හැදීමේ රජයේ ඉලක්කයට යාමට නම් වසරකට නිවාස 240,000 ක් ඉදිකළ යුතුයි.

 

ඉදිකිරීම් ක්ෂේත්‍රයට ඇති ප්‍රධාන අභියෝග

AMP ආර්ථික විද්‍යාඥ My Bui පෙන්වා දෙන්නේ අනුමැතීන් ලැබුණද නිවාස හදා අවසන් කිරීම හමුවේ අභියෝග කිහිපයක් පවතින බවයි.

ඉන්ධන, අමුද්‍රව්‍ය සහ ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල ගණන් දිගින් දිගටම ඉහළ යාම නිසා ව්‍යාපෘති අවසන් කිරීමේ පිරිවැය වැඩි වී තිබෙනවා..

ඒ වගේම බැංකු පොලී අනුපාත ඉහළ යාම ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහ නිවාස වෙළඳපොළට සෘජුවම බලපානවා.

පවතින තත්ත්වය අනුව 2026 වසර තුළදී ඕස්ට්‍රේලියාවේ ඉදිකර අවසන් කළ හැක්කේ නිවාස 175,000 ක් පමණයි.

 

Sydney සහ Melbourne නිවාස මිල ගණන් 10% කට වඩා පහළට?

ජනගහන ඉල්ලුමට සරිලන ලෙස නිවාස සැපයුම යම් තරමකට එකතු වීමත් සමඟ, Commonwealth Bank (CBA) හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Trent Saunders අනතුරු අඟවන්නේ ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් පහත වැටෙනු ඇති බවයි.

 

Sydney: 2026 වසර තුළදී සිඩ්නි හි නිවාස මිල 11% කින් පමණ පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. සමස්ත පහත වැටීම 13% ක් පමණ විය හැකියි.

Melbourne: මෙල්බර්න් හි නිවාස මිල ගණන් 10% කින් පමණ පහත වැටෙනු ඇතැයි ගණන් බලා තිබෙනවා..

මේ අගෝස්තු මස තුළ Sydney, Melbourne, Brisbane, Canberra, Adelaide, Hobart යන ප්‍රධාන නගර වල නිවාස මිල ගණන් පහත බැස තිබෙනවා. Darwin වල පමණක් 0.1%කින් වැඩි වී තිබෙනවා. 

 

පසුගිය වසර 20 තුළ සිදුවන ලොකුම පහත වැටීම 

යම් හෙයකින් මෙම පුරෝකථනය නිවැරදි වුණොත්, මෙය සිඩ්නි නිවාස වෙළඳපොළේ පසුගිය වසර 20 තුළ සිදුවූ වේගවත්ම සහ විශාලතම මිල පහත වැටීම (Downturn) ලෙස ඉතිහාසයට එකතු වනු ඇත.

පොලී අනුපාත ඉහළ යාම නිසා මිල ගණන් පහත වැටුණද, 2027 වසරේදී මුල්‍ය ප්‍රතිපත්ති ලිහිල් වීමත් සමඟ නිවාස වෙළඳපොළ නැවත යථා තත්ත්වයට පත්වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ විශ්වාස කරනවා.

ඒ වගේම, කුලී නිවාස හිඟය/Rent vacancy rate එක 1.8% ක් වැනි පහළ මට්ටමක පැවතීම නිසා නිවාස සඳහා වන මූලික ඉල්ලුම දිගටම පවතිනු ඇත.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හෝ මෙල්බර්න් නගරවල නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන First Home Buyersලාට  Investorsලාට, ඉදිරි මාස කිහිපය තුළදී නිවාස මිල ගණන් යම් තරමකට පහත වැටීම නිසා වඩාත් හොඳ මිලකට නිවසක් තෝරා ගැනීමට හොඳ අවස්ථාවක් හිමිවිය හැකියි.

Don't forget to share this post!

Recent Posts