ඕස්ට්‍රේලියාවේ PR Pathway එකක් හොයනවාද? ඉහළ ඉල්ලුමක් තියෙන Field එකක් මෙන්න!

ඕස්ට්‍රේලියාවේ PR Pathway එකක් හොයනවාද?- Part 1

අප ජීවත් වන පරිසරයේ නිවාස, කාර්යාල ගොඩනැගිලි, උද්‍යාන සහ නගර නිර්මාණය කිරීම, ඉදිකිරීම සහ නඩත්තු කිරීම කියන්නේ ලෝකය පුරාම ඉහළ ඉල්ලුමක් තියෙන ක්ෂේත්‍රයක්.

තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා Architecture, Construction සහ Planning යන ක්ෂේත්‍ර හදාරන්න ඕස්ට්‍රේලියාව තෝරාගත යුත්තේ ඇයි කියන එක තමයි අද අපි කියන්නේ.. ඔයා ඔස්ට්‍රේලියාවට එන්න හිතාගෙන ඉන්න කෙනෙක් වුණත්, ඔස්ට්‍රේලියාවට ඇවිත් අලුත් path එකක් ගැන හිතන කෙනෙක් වුණත් මේක ඔයාට වැදගත් වෙයි.

ඕස්ට්‍රේලියාව තෝරාගත යුත්තේ ඇයි?

ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන ආයතන, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සමඟ එකතු වී නිතරම පාඨමාලා සහ ඉගැන්වීම් ක්‍රම යාවත්කාලීන කිරීමට කටයුතු කරනවා.

ඕස්ට්‍රේලියානු සුදුසුකම් සපුරන ආයතනවලට කැනඩාව, නවසීලන්තය, ඇමෙරිකාව සහ ආසියානු රටවල් සමඟ එකඟතා ඇති බැවින් මෙහි ලබන උපාධිය ලෝකයේ ඕනෑම රටක පිළිගැනෙනවා.

ලෝක මට්ටමේ උසස් පාඨමාලා: ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ආයතන සහ පාඨමාලා ලෝකයේ හොඳම පාඨමාලා අතර නිතරම ඉහළින්ම පවතින අතර, උසස්ම ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපනයක් ලබාදීමට ඔවුන් බැඳී සිටිනවා.

 

ක්ෂේත්‍ර 3 හි වෙනස සහ ප්‍රධාන පාඨමාලා

Architecture (වාස්තු විද්‍යාව)

ගොඩනැගිලි සහ වෙනත් ඉදිකිරීම් සැලසුම් කිරීම මෙහිදී සිදුවෙනවා. මෙය කලාත්මක මෙන්ම විද්‍යාත්මක ක්ෂේත්‍රයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

 

Construction (ඉදිකිරීම්)

ගොඩනැගිලි, මාර්ග, ජල සහ විදුලි පද්ධති භෞතිකව ඉදිකිරීම, නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම මෙයට අයත් වෙනවා.

 

Planning (සැලසුම්කරණය)

පරිසරයට සහ සමාජයට ඇතිවන බලපෑම සලකා බලමින් යම් ඉදිකිරීමක් නිසි අරමුණට සිදුවන්නේදැයි පරීක්ෂා කිරීම මෙහිදී සිදුකෙරෙනවා.

 

ජනප්‍රිය පාඨමාලා:

  • Bachelor of Architectural Design
  • Bachelor of Urban and Regional Planning
  • Diploma of Building and Construction (Building)

 

VET පාඨමාලාවක්ද? University Degree එකක්ද?

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවලට යන්නන් බොහෝවිට මාස 6 සිට වසර 2 දක්වා කාලයක Certificate හෝ Diploma පාඨමාලා හදාරනු ලබනවා.

Registered Architect කෙනෙකු වීමට නම් University එකක් හරහා Bachelor සහ Master උපාධි (වසර 5 ක්) අවසන් කර, වසර 2 ක වෘත්තීය පළපුරුද්දක් ලබාගත යුතු වෙනවා.

ඉතින් ඔයත් නිර්මාණශීලීව සිතන්න කැමති, ගැටලු විසඳීමට කැමැත්තක් දක්වන හෝ තමන්ගේ අතින් යම් දෙයක් නිර්මාණය කිරීමට කැමති කෙනෙක් නම්, ඕස්ට්‍රේලියාවේ Architecture, Construction සහ Planning කියන්නේ ඔබේ අනාගතයට හොඳම ක්ෂේත්‍රයක් බව කියන්න පුළුවන්. ඔස්ට්‍රේලියාව තුළ දැනට පවතින නිවාස හිඟයත් එක්ක ඉදිරියේදී ගොඩක් නිවාස හා ඉදිකිරීම් සිදු වෙන නිසා මේ ක්ෂේත්‍රයට පවතිනා ඉල්ලුම ඉහළ මට්ටමක පවතිනවා.

 

ඕස්ට්‍රේලියාවේ PR Pathway එකක් හොයනවාද? – Part II

ඕස්ට්‍රේලියාවේ ලොකුම Demand එකක් තියෙන Jobs 4ක්!

 

ඕස්ට්‍රේලියාවේ සිටින ඔබට වැදගත් වෙන අධ්‍යාපන අවස්ථා, රැකියා අවස්ථා, ඕස්ට්‍රේලියාවේ කුලියට හෝ තමන්ගේම නිවසක් මිලදී ගැනීමේදී වැදගත් වෙන ප්‍රායෝගික සහ නීතිමය කරුණු, ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමේදී වැදගත් වෙන මාර්ග නීති ඇතුළු වෙනත් මූලික නීතිමය කරුණු, ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා ලබාගත හැකි සේවාවන්, ඕස්ට්‍රේලියාවේ සිට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවශ්‍ය පූර්ණ මගපෙන්වීම, ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ සිට PR එක ලබාගැනීම, Citizenship එක ලබාගැනීම සඳහා අවශ්‍ය කරුණු, ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව සංවිධානය කරන විශේෂ වැඩසටහන් ඇතුළු විශේෂ අවස්ථා ඇතුළු ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔබට වැදගත් වෙන සියලුම දේශපාලන, ආර්ථික, සමාජ කරුණු හැමදෙයක්ම ඔයාට සන්නස Digital හරහා කියවන්න, බලන්න පුළුවන්. 

Social Media, Digital Screens, Magazine යන සියල්ලෙන්ම සමන්විත ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් සඳහාම වෙන් වුණු එකම network එක විදිහට ඔබට අවශ්‍ය තොරතුරු ගෙන ඒමට අපි සූදානම්. ඉතින් ඔයත් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෙක් හෝ ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්නම්, සන්නස Digital follow කරලා තියාගන්න 👇

🔵 Facebook: https://www.facebook.com/sannasa.digital 

🟣 Instagram: https://www.instagram.com/sannasa_digital/ 

⚫ TikTok: https://www.tiktok.com/@sannasadigital 

🔴 YouTube: www.youtube.com/@sannasa8607 

🌐 Website: https://sannasa.com.au

Don't forget to share this post!

Recent Posts