ඕස්ට්‍රේලියාවේදී දරුවෙක්ට කොච්චර වියදම් වෙනවද?

ඕස්ට්‍රේලියාවේ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් ඇති දැඩි කිරීම සඳහා පවුලකට අවම වශයෙන් වසරකට ඩොලර් 36,500 ක මුදලක් වැයවන බව අලුත්ම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. පසුගිය වසර 20 ඇතුළත නිවසක වියදම 134% කින් ඉහළ ගොස් ඇති බව The Parenthood සංවිධානය මඟින් නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනවා.

ගෘහස්ත ආදායම සහ වියදම් අතර පරතරය

පසුගිය වසර 20 තුළ නිවසක වියදම 134% කින් වැඩි වුවද, පවුලක ආදායම වැඩි වී ඇත්තේ 102% කින් පමණයි.

දරුවන් වෙනුවෙන් යන සමස්ත වියදමෙන් 33% ක්ම වැය වන්නේ Childcare සඳහායි. 2003 වසරේදී මෙය 27% ක් වුණා.

ආහාර, ඇඳුම් පැළඳුම්, සෞඛ්‍ය, ප්‍රවාහනය, අධ්‍යාපනය සහ විනෝදාංශ සඳහා යන වියදම් මෑත කාලයේ පැවැති උද්ධමනය හමුවේ සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා..

 

මව්වරුන්ට සිදුවන ආර්ථික බලපෑම

The Parenthood සංවිධානයේ ප්‍රධානී Georgie Dent පවසන පරිදි, භාණ්ඩාගාර දත්තවලට අනුව දරුවෙකු ලැබීමෙන් පසු පළමු වසර 5 ඇතුළත ඕස්ට්‍රේලියානු කාන්තාවන්ගේ ආදායම සාමාන්‍යයෙන් 55% කින් පහත වැටෙනවා.

රැකියාවෙන් තාවකාලිකව ඉවත් වීම නිසා උසස්වීම් අහිමි වීම, විශ්‍රාම යන විට පිරිමින්ට සාපේක්ෂව Superannuation අරමුදලේ සැලකිය යුතු ලෙස අඩු මුදලක් ඉතිරි වීම වැනි දේවල් කාන්තාවන්ගේ ආර්ථිකයට දැඩිව බලපානවා.

වත්මන් ආර්ථිකය හමුවේ පවුලක් පවත්වාගෙන යාමට දෙදෙනාගේම ආදායම අත්‍යවශ්‍ය වුවද, ළමා සුරැකුම් වියදම් අධික වීම නිසා දෙමාපියන් දැඩි අර්බුදයකට ලක්ව සිටිනවා..

 

ඉල්ලීම් සහ රජයේ යෝජනා

මෙම තත්ත්වය හමුවේ The Parenthood සංවිධානය රජයෙන් ඉල්ලා සිටින්නේ;

දැනට සති 26 ක් ලෙස ලැබෙන රජයේ Paid Parental Leave (වැටුප් සහිත මාපිය නිවාඩු) කාලය සති 52 දක්වා වැඩි කිරීම.

පියවරුන්/සහකරුවන් සඳහාද සුදුසු මාපිය නිවාඩු ක්‍රමවේදයක් සකස් කිරීම.

Universal Childcare System: සියලු දෙනාටම ලබාගත හැකි, ගාස්තු පාලනය කළ සහ ඉහළ වැටුප් සහිත සේවකයින් සිටින ළමා සුරැකුම් පද්ධතියක් සකස් කිරීම.

treasurer Jim Chalmers පවසන්නේ රජය Universal Childcare දෙසට පියවරෙන් පියවර ගමන් කරමින් සිටින බවයි.

 

ඕස්ට්‍රේලියාවේ උපත් අනුපාතය පහතට

ඉදිරි වසර 40 ඇතුළත ඕස්ට්‍රේලියාවේ උපදින සංඛ්‍යාවට වඩා මියයන සංඛ්‍යාව වැඩි වන බව Intergenerational Report වාර්තාවෙන් පෙන්වා දෙනවා.

දරුවෙකු සඳහා යන අධික වියදම, අධ්‍යාපනයට වැඩි කාලයක් වැය කිරීම, රැකියා ස්ථාවරත්වය සහ පමා වී විවාහ වීම වැනි කරුණු නිසා ඕස්ට්‍රේලියාවේ Fertility Rate එක කාන්තාවකට දරුවන් 1.34 දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා..

ඕස්ට්‍රේලියාවේ දැනට පවතින Childcare Subsidy (CCS) එක හරහා ඔබේ ගෘහස්ත ආදායම අනුව ළමා සුරැකුම් ගාස්තුවලින් යම් ප්‍රතිශතයක් සහනයක් ලෙස ලබාගන්න පුළුවන්..

 

Don't forget to share this post!

Recent Posts