Australia වල housing market එක කඩාගෙන වැටෙනවා, property prices බහිනවා කියන කතා මේ දවස්වල ගොඩක් අය කතා වෙන මාතෘකාවක්. නමුත් ඔයාත් Australia වල ගෙයක් ගන්න හිතන් ඉන්නවා නම් හරි, invest කරන්න බලාපොරොත්තු වෙනවා නම් හරි, බයවෙන්න දෙයක් නැහැ.
realestate.com.au එකෙන් කරපු අලුත්ම research එකකට අනුව මේ දවස්වල තියෙන market downturn එක හරිම temporary (තාවකාලික) දෙයක්. ඔවුන්ගේ දත්ත වලට අනුව 2031 සහ 2036 වෙනකොට Australia වල ගොඩක් suburbs වල property values අනිවාර්යයෙන්ම double (දෙගුණයක්) වෙනවා කියලා තමයි කියන්නේ.
මේ තියෙන්නේ State අනුව Property Market එකට ඉස්සරහට වෙන දේ ගැන සරල විස්තරයක්
Queensland (Brisbane) ලාබ Suburbs වලට හොඳ කලක්!
Brisbane වල මේ දවස්වල property values වල සුළු අඩුවීමක් (March මාසෙට වඩා 3.9% ක අඩුවීමක්) දැක්කත්, 2036 වෙද්දී ගොඩක් suburbs වල වටිනාකම දෙගුණයක් වෙන්න පුළුවන් කියලා මේ research එකෙන් කියනවා. විශේෂත්වය තමයි blue-chip (මිල අධික) market වලට වඩා affordable (මිල අඩු) suburbs වල ඉල්ලුම සහ වටිනාකම ගොඩක් වේගයෙන් වැඩිවෙන එකයි.

Sydney $1 Million වලට අඩුවෙන් ගෙවල් හොයන එක හීනයක් වෙයිද?
Sydney කියන්නේ කොහොමත් Australia වල තියෙන expensive ම housing market එක. 2031 වෙද්දී Sydney වල $1 Million වලට වඩා අඩු ගෙවල් හොයාගන්න එක ගොඩක් අමාරු වෙනවා.
Suburbs 246 කම average price එක $2 Million පනිනවා.
Suburbs 92 ක average price එක $3 Million වලට වඩා වැඩි වෙනවා.
ඉස්සර affordable කියලා හිතපු Western suburbs වල පවා ගෙවල් වල මිල ගණන් ගොඩක් ඉහළ යනවා.
Adelaide (SA) 250% ක දැවැන්ත වර්ධනයක්!
Adelaide property market එකෙත් ඉස්සරහට ලොකු growth එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම Northern suburbs වල property values 250% කින් විතර වැඩිවෙන්න chance එකක් තියෙනවා කියලා කියනවා. Covid කාලෙ ඉඳන් local සහ interstate investors ලාගේ ලොකු ඉල්ලුමක් මේ පැත්තට තියෙනවා. Affordable මිලකට ගෙවල් ගන්න පුළුවන් නිසාත්, හොඳ lifestyle එකක් තියෙන නිසාත් මේ ප්රවණතාවය දිගටම තියෙයි.
Melbourne Affordable නිසා Buyers ලාට Attractive වෙයි!
Melbourne වල ගෙවල් මිලත් ඉදිරි අවුරුදු 5-10 ඇතුළත ලොකු ගාණකින් වැඩි වෙන්න නියමිතයි.
Research එකට අනුව 2026 ඉඳන් 2036 වෙනකොට $1 Million+ වටිනාකමක් තියෙන suburbs ගාණ 188 ඉඳන් 372 දක්වා double වෙනවා.
අදාල කරගත්ත suburbs 395 න් suburbs 23 ක මිල විතරයි $1 Million වලට අඩුවෙන් ඉතුරු වෙන්නේ.
Melbourne වල market එක දැනට තියෙන slump (අඩුවීම) නිසා අනිත් cities වලට වඩා affordable වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරි කාලයේදී buyers ලට Melbourne ගොඩක් attractive market එකක් වෙයි.
දැනට market එකේ පොඩි බැසීමක් තිබ්බත්, long-term හිතන කෙනෙක්ට Australian Property Market එක කියන්නේ තාමත් හොඳ investment එකක්. History එක repeat වෙනවා නම්, අද තියෙන මිල අඩු suburbs තමයි හෙට දවසේ ලොකුම profits ගෙනත් දෙන්නේ!
වසර 5කින් සහ 10කින් ඔයාගේ නිවසේ වටිනාකම කොපමණ බලන්න පිවිසෙන්න-
(Source: realestate.com.au research data)