විස්සයි 20 කාන්තා ලෝක කුසලානය නවසීලන්තයට

  • Home
  • /
  • Sports
  • /
  • විස්සයි 20 කාන්තා ලෝක කුසලානය නවසීලන්තයට

දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 32කින් පරාජය කර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නවසීලන්තය සමත් විය.ඒ අනුව කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්තය ජයග්‍රහණය කළ පළමු ලෝක කුසලානය ලෙස මෙය වාර්තා අතරට එක්විය.

 

කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් සති කිහිපයක් පුරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (20) රාත්‍රියේ දී ඩුබායිහිදී පැවැත්විණි.

 

මෙහිදී නවසීලන්තයෙන් හිමි වූ ලකුණු 159ක ඉලක්කයට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 126ක් පමණි.

 

විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ නවසීලන්තය අවසන් මහා තරගයක් ක්‍රීඩාකළ තෙවැනි අවස්ථාව මෙයයි.ඔවුන් මීට පෙර 2009 හා 2010 වර්ෂයන්හි අවසන් මහා තරගය ක්‍රීඩාකළද, එම දෙවතාවේදීම අනුශූරතාවෙන් සෑහීමට සිදුවිය.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025