වසර 22කට පසු කැන්ගරුවන් පරාජය කළ පකිස්තානය

  • Home
  • /
  • Sports
  • /
  • වසර 22කට පසු කැන්ගරුවන් පරාජය කළ පකිස්තානය

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර පර්ත්හිදී ඊයේ (10) අවසන් වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ද කඩුලු 8ක පහසු ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

 

ඒ අනුව තරග තුනකින් යුත් මෙම තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට පාකිස්තානයට හැකිවිය.

 

මෙලෙස පාකිස්තානු කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේදී තරගාවලි ජයක් ලැබුවේ වසර 22කට පසුව වීම විශේෂත්වයක්.

 

අවසන් වරට වකාර් යුනිස්ගේ නායකත්වය යටතේ 2002 වසරේ වසරේ සිදුකළ තරග සංචාරය තරග 2-1ක් ලෙස ජයගෙන තිබුණි.

 

ඊයේ (10) අවසන් වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 140කට දැවීගිය අතර, ඒ අනුව ලකුණු 141ක පහසු ඉලක්කයක් හඹාගිය පාකිස්තානය කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත් විය.

Don't forget to share this post!

Recent Posts

504793669_2269992823403799_1760860088040497991_n
June 16, 2025