ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින තරඟාවලිය වනිඳුට මඟහැරෙන ලකුණු

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින තරඟාවලිය වනිඳුට මඟහැරෙන ලකුණු

නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි විස්සයි20 තරගයේ දී ආබාධයකට ලක්වූ වනිඳු හසරංග හෙට (13) ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලියට සහභාගී  නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පැවැසූ‍වේ ආබාධය පිළිබඳ ඉදිරි කටයුතු හෙට (13) සිදු කෙරෙන ස්කෑන් පරීක්ෂණයකින් අනතුරුව තීරණය වන බවයි.නවසීලන්තයට එරෙහි තරගයේ 7 වැනි ඕවරයේ දෙවැනි පන්දුව යැවීමෙන් අනතුරුව වනිඳු හසරංගගේ පාදයේ මස්පිඬු ආබාධයක් හටගත් අතර, එවිට කණ්ඩායමේ වෛද්‍යවරයා පැමිණ තාවකාලික වෛද්‍යාධාර ලබා දෙනු දක්නට ලැබුණු අතර හසරංග ඕවර් 4 සම්පූර්ණ කළේ දැඩි වේදනාකාරී තත්ත්වයක් පෙන්නුම් කරමිනි.මෙයට පෙර හසරංගට පාදයේ ආබාධයක් ඇතිවී ශල්‍යකර්මයකට පවා ලක්කළ අතර, අනතුරුව මාස කිහිපයක් තරග බිමෙන් ඉවත්ව සිටියේය. 

Don't forget to share this post!

Recent Posts

504793669_2269992823403799_1760860088040497991_n
June 16, 2025