ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව උපදේශක පුහුණුකරුවෙක්

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව උපදේශක පුහුණුකරුවෙක්

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු දක්ෂ පිතිකරුවෙක් වන නීල් මැකෙන්සි කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත්කර තිබේ. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සමග කටයුතු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් පූර්ව තරගාවලි පුහුණුවකට පසුගිය දා දකුණු අප්‍රිකාව බලා පිටත් වී තිබුණි.එම ක්‍රීඩකයින් වන්නේ, ධනංජය ද සිල්වා, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු කුමාර, ප්‍රබාත් ජයසූරිය, නිශාන් පීරිස්, මිලාන් රත්නායක, කසුන් රාජිත සහ ලසිත් ඇඹුල්දෙණිය.දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 27 වනදා ඩර්බන් හිදී ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 05 වනදා ආරම්භ වෙයි.

Don't forget to share this post!

Recent Posts

504793669_2269992823403799_1760860088040497991_n
June 16, 2025