දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්වෙයි.

  • Home
  • /
  • Sports
  • /
  • දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්වෙයි.

දකුණු අප්‍රිකාව සමඟ මේ මස 27 වැනිදා ආරම්භවන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 10ක් ඊයේ (12) දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියහ.කණ්ඩායම් නායක වශයෙන් ධනංජය ද සිල්වා කටයුතු කරන අතර, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, මිලාන් රත්නායක, කසුන් රාජිත හා ලසිත් ඇඹුල්දෙනිය දකුණු අප්‍රිකාවට ගිය ක්‍රීඩක පිරිස අතර වෙති.

මේ සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙටි කාලයකට ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු පිතිකරු නීල් මැකෙන්සි පත් කළේය. ඒ අනුව ඔහු දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟ පුහුණු කඳවුරකට සහභාගි වීමට නියමිතය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 58කට හා එක්දින තරග 64කට සහභාගිවී සිටින මැකෙන්සි අද සිට 21 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟ පුහුණු කටයුතු සිදු කරනු ඇත.දෙපිල අතර පළමු ටෙස්ට් තරගය මේ මස 27 සිට දෙසැම්බර් 1 දක්වා ඩර්බන්හිදී හා දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 5 සිට 9 දක්වා සාන්ත ජෝර්ජ් උද්‍යාන පිටියේදී පැවැත්වේ.

Don't forget to share this post!

Recent Posts

504793669_2269992823403799_1760860088040497991_n
June 16, 2025