Lungi Ngidi ශ්‍රී ලංකා – ද.අප්‍රිකානු ටෙස්ට් තරඟාවලියෙන් ඉවතට

  • Home
  • /
  • Sports
  • /
  • Lungi Ngidi ශ්‍රී ලංකා – ද.අප්‍රිකානු ටෙස්ට් තරඟාවලියෙන් ඉවතට

දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ ප්‍රබලතම වේග පන්දු යවන්නකු වන Lungi Ngidi ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වී තිබෙන අතර එයට හේතුව වන්නේ ඔහුගේ ඉකිලියේ ඇතිවී තිබෙන ආබාධයක් ඊට හේතුවයි. 

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ Lungi Ngidiගේ සෞඛ්‍ය පුනරුත්තාපන වැඩසටහන් ආරම්භ කරන බවත් ඔහු ජනවාරි මාසයේදී නැවත ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත්ය. මේ හේතුවෙන් Lungi Ngidiට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් දෙකකින් සමන්විත තරගාවලිය සහ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගාවලිය අහිමි වනු ඇත. 

මේ අතර දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක Temba Bavumaගේ වම් වැලමිටේ ආබාධයකින් ඔහු සුවය ලබමින් සිටින බවත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරඟාවලිය සඳහා ඔහු සූදානම් වී ඇතිද යන්න තීරණය කිරීම සඳහා නොවැම්බර් 18 වැනිදා ශාරීක යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වෙනු ඇත. 

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේදී දකුණු අප්‍රිකාව 54.17 ක ජයග්‍රාහී ප්‍රතිශතයක් ලබා පස්වැනි ස්ථානයේ සිටී. ශ්‍රී ලංකාව 55.56 ක ජයග්‍රාහී ප්‍රතිශතයක් ලබා ගනිමින් තෙවැනි ස්ථානයේ පසුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය නොවැම්බර් 22 වැනිදා ආරම්භ වේ. පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 01 වැනිදා දක්වා ඩර්බන් නුවරදී පැවැත්වේ.

Don't forget to share this post!

Recent Posts

504793669_2269992823403799_1760860088040497991_n
June 16, 2025