තුන්වැනි එක්දින තරඟයේ දී ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්

  • Home
  • /
  • Sports
  • /
  • තුන්වැනි එක්දින තරඟයේ දී ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ තීරණයක් අනුව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තුන්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම තුළ වෙනසක් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඒ අනුව කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දුව එම තරගයෙන් විවේක ගැන්වීමට තීරණය කර ඇති අතර නුවනිඳු ප්‍රනාන්දු, ළහිරු උදාර සහ එෂාන් මාලිංග සංචිතයට කැඳවා තිබේ.

කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ එළැඹෙන දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියට සූදානම් වීම සඳහා කාලය ලබාදීමේ අරමුණින් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වැනි එක්දින තරගය පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද(19) පැවැත්වෙයි.

Don't forget to share this post!

Recent Posts

504793669_2269992823403799_1760860088040497991_n
June 16, 2025