IPL ක්‍රිකට් ඉතිහාසයේ ලාබාලතම ක්‍රීඩකයාටත් ඉහළ ලංසුවක්

  • Home
  • /
  • Sports
  • /
  • IPL ක්‍රිකට් ඉතිහාසයේ ලාබාලතම ක්‍රීඩකයාටත් ඉහළ ලංසුවක්

IPL ක්‍රිකට් ඉතිහාසයේ ලාබාලතම ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වූ වෛබාව් සූර්යවංශී ඉන්දීය රුපියල් ලක්ෂ 30ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1.4ක) මුදලකට IPL වෙන්දේසියේදී මූලික ලංසුවක් ලැබී ඇත.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් බිහිවූ දක්ෂ ක්‍රීඩකයෙකු වන සූර්යවංශි වයස අවුරුදු 13ක් වූ අතර මේ 29 වැනිදා ඩුබායි හි ආරම්භ වන පිරිමි අවුරුදු 19න් පහළ ආසියානු කුසලානය සඳහා වන ඉන්දීය සංචිතයට නම් කර ඇත .

2011 වසරේ උපත ලද සූර්යවංශී බිහාර් ප්‍රාන්තය වෙනුවෙන් රංජි කුසලානයේ මංගල තරගයට ක්‍රීඩා කළේ අවුරුදු 12යි දින 284දී ය.මේ ආකාරයට ඔහු මෙතෙක් බිහිවූ ළාබාලතම අටවැනි පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් විය. වයස අවුරුදු 13යි දින 187දී, ඕනෑම මට්ටමක තරගයකදී ජාත්‍යන්තර අර්ධ ශතකයක් රැස්කළ ළාබාලතම ක්‍රිකට් ක්‍රීඩකයා බවට බංග්ලාදේශ ක්‍රිකට් නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝගේ වාර්තාව බිඳ දමමින් සූර්යවංශි පත්විය.

IPL 2025 තරගාවලියට අදාළ වෙන්දේසිය මේ මස 24 හා 25 දිනවලදී සිදු කෙ‍ෙරන අතර, ඒ සඳහා නම්කළ ක්‍රීඩකයින් 574 දෙනා අතුරින් එම ලේඛනයේ 491 වැනි ස්ථානයේ වෛබාව් සූර්යවංශී සිටී.

Don't forget to share this post!

Recent Posts

504793669_2269992823403799_1760860088040497991_n
June 16, 2025