සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් ටෙනිස් පිටියට සමුදෙයි.

  • Home
  • /
  • Sports
  • /
  • සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් ටෙනිස් පිටියට සමුදෙයි.

ස්පාඤ්ඤයෙන් ලෝකයට බිහි වූ විශිෂ්ඨතම ටෙනිස් ක්‍රීඩකයෙක් වන රෆායල් නඩාල් අගහරුවාදා (19) සුවහසක් ක්‍රීඩාලෝලීන්ගේ ආචාර මැද ටෙනිස් පිටියෙන් සමුගත්තේය.සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්ගේ අවසන් ටෙනිස් සටන දැක බලා ගැනීම සඳහා ක්‍රීඩාලෝලීන් දස දහස් සංඛ්‍යාවක් ස්පාඤ්ඤයේ මලාගා නුවරට රැස්ව සිටියහ.එහිදි සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්ගේ සමුගැනීමේ ජයග්‍රහණයකින් අවසන් කිරීමට නෙදර්ලන්ත ක්‍රීඩකයා අවස්ථාව ලබා දුන්නේ නැත.රෆායෙල් නඩාල් සමග කරට කර තරග වැදුනු නෙදර්ලන්ත ක්‍රීඩකයා සමුගැනීමේ තරගයේ දී නඩාල් ව පරාජය කලේ වට 2-0 වශයෙනි.එතෙක් මෙතෙක් ටෙනිස් පිටියේ ස්වර්ණමය යුගයක් නිර්මාණය කිරීමට දායක වූ ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් වෙනුවෙන් අයිෆල් කුළුනද හැඩ ගැන්වී තිබුණේ ඔහුගේ ටෙනිස් දිවියේදී ලැබූ ජයග්‍රහණ වෙනුවෙන් කෘතගුණ දැක්වීම සඳහා ය.නඩාල් 22 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා ජයග්‍රහණය කර ඇති අතර, ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ සාර්ථකම ටෙනිස් ක්‍රීඩකයා වන නඩාල්ව ස්වාභාවික මැටි ටෙනිස් පිටියේ රජු නොහොත් “කිං ඔෆ් ක්ලේ” යන අන්වර්ථ නාමයෙන් ද නඩාල්ව හඳුන්වයි.

ඔහු දිනාගෙන ඇති ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතා ගණන 14කි.එමෙන්ම එකම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවක් අවස්ථා 14කදී ජයගෙන ඇත්තේ නඩාල් පමණි.ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ලෙස අවස්ථා 5කදී තේරී පත් වූ නඩාල්, ලෝක ශූරතා ටෙනිස් තරග බිමේ සාර්ථකම ටෙනිස් ක්‍රීඩකයා ලෙස හැඳින්වෙයි.

Don't forget to share this post!

Recent Posts

504793669_2269992823403799_1760860088040497991_n
June 16, 2025