IPL ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් 19ක්

  • Home
  • /
  • Sports
  • /
  • IPL ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් 19ක්

මෙම මස 24 සහ 25 යන දිනවලදී සවුදි අරාබියේ ජේඩා නුවරදී පැවැත්වීමට නියමිත අයි.පී.එල්. (2025) ක්‍රීඩක වෙන්දේසිය සඳහා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 19 දෙනෙක් ලියාපදිංචි වී සිටිති. 

වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර ඉහළම මූලික ලන්සුව වන ඉන්දීය රුපියල් කෝටි 2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 7 ක් පමණ) ලන්සුව යටතේ ලියාපදිංචි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණය. වනිදු සහ මහීෂ් හැරුණු කොට තවත් ක්‍රීඩකයන් 75 දෙනෙක් පමණ එම ලන්සුව සඳහා ලියාපදිංචි වී සිටිති.

වනිඳු සහ තීක්ෂණට අමතරව ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ වත්මන් නායක චරිත් අසලංක, මෙන්ම හිටපු නායකයන් වන දසුන් ශානක, කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස්ද මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී සිටිති. එහිදී ඔවුන් ලියාපදිංචි වී ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක (ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි 58 ලක්ෂයක් පමණ) ලන්සුවක් යටතේය. 

විජයකාන්ත් වියස්කාන්ත්, නුවන් තුෂාර, ජෙෆ්රි වැන්ඩසේ, පැතුම් නිස්සංක, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ, ඩිල්ෂාන් මධුෂංක, දුෂාන් හේමන්ත සහ ළහිරු කුමාර ඉන්දීය රුපියල් ලක්ෂ 75 ලන්සුව යටතේ වෙන්දේසියට ඉදිරිපත්වී සිටින සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වෙති. තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන්නේ ඒෂාන් මාලිංග සහ දුමිඳු සෙව්මිණය. එහිදී ඔවුන්ගේ මූලික ලන්සුව වන්නේ ඉන්දීය රුපියල් ලක්ෂ 30 කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක් කෝටි තුන් ලක්ෂයක් පමණ වේ.

Don't forget to share this post!

Recent Posts

504793669_2269992823403799_1760860088040497991_n
June 16, 2025