IPL ඉතිහාසයේ පළමු වරට අදියර තුනක තරග කාලසීමාවන් ප්‍රකාශයට පත් කරයි.

  • Home
  • /
  • Sports
  • /
  • IPL ඉතිහාසයේ පළමු වරට අදියර තුනක තරග කාලසීමාවන් ප්‍රකාශයට පත් කරයි.

ලෝකයේම අවදානය දිනා ගන්නා ආකර්ෂණීයම ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2025 අදියර ඇතුළුව ඉදිරි තරගාවලි තුනක් පැවැත්වෙන කාලසීමාවන් නිවේදනය කර තිබේ.IPL ඉතිහාසයේ පළමු වරට IPL අදියර තුනක තරග පැවැත්වෙන කාලසීමාවන් ප්‍රසිද්ධියට පත්කර ඇත.ඒ අනුව එළැඹෙන 2025 අදියර මාර්තු 14 වනදා ආරම්භ වන අතර, එහි අවසන් මහා තරගය මැයි 25 වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එමෙන්ම 2026 තරගවාරය මාර්තු 15 වනදා ආරම්භ වී මැයි 31 දක්වා පැවැත්වේ. ඒ අනුව 2027 තරග වාරය මාර්තු 14 සිට මැයි 30 දක්වා පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.2024 දී පැවැත්වූ තරගාවලියට ඇතුළත් වූයේ තරග 74ක් පමණි.ඒ අනුව 2025 හා 2026 අදියරයන්හි තරග සංඛ්‍යාව 84ක් දක්වා වැඩිකර ඇති අතර 2027 වසරේදී එම සංඛ්‍යාව තවත් වැඩිකර තරග 94ක් දක්වා ඉහළ දමා ඇත. ඒ අනුව මෙම වසරේ පැවැත් වූ තරග සංඛ්‍යාවට වඩා එළැඹෙන අදියර දෙකේ තරග සංඛ්‍යාව වැඩිකර ඇත.

Don't forget to share this post!

Recent Posts

504793669_2269992823403799_1760860088040497991_n
June 16, 2025