චාල්ස් රජු හදිසියේ රෝහල්ගත කරයි.

  • Home
  • /
  • News
  • /
  • චාල්ස් රජු හදිසියේ රෝහල්ගත කරයි.

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු හදිසියේ රෝහල්ගතකර ඇතැයි වාර්තා වේ. 

ඔහුට වැලදී ඇති පිළිකා රෝගයට සිදු කෙරෙන ප්‍රතිකාරවල අතුරු ආබාධ හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් රජු නැවත සිය නිවස වන ක්ලැරන්ස් මන්දිරයට පැමිණ ඇති බවත්,මෙම රෝහල් ගත වීමේ දී ඔහුගේ බිරිඳ වන කැමිලා රැජින, රජු සමඟ රෝහලට ගොස් නැතැයි ද වාර්තාවේ.

එමෙන්ම, බර්මින්ග්හැම් නගරයේ ඔහු සිදුකිරීමට නියමිතව තිබූ විශේෂ සංචාරය රෝගී තත්ත්වය හේතුවෙන් අවලංගු කර ඇති බවද සඳහන්වේ.

මේ වන විට 76 වැනි වියෙහි පසුවන චාල්ස් රජුට පිළිකාවක් වැළදී ඇති බව වෛද්‍යවරුන් අනාවරණය කරගත්තේ 2024 වසරේ පෙබරවාරි මාසයේදීය.

Don't forget to share this post!

Recent Posts

482931508_18065962327900887_2552389247722798336_n
July 8, 2025