ආසියාවෙන් සමුගන්නට සැරසෙන Jetstar Asia

  • Home
  • /
  • News
  • /
  • ආසියාවෙන් සමුගන්නට සැරසෙන Jetstar Asia

ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සිය ප්‍රධාන ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ අරමුණින් සිංගප්පූරුව පදනම් කරගත් budget airline සේවාවක් වන Jetstar Asia වසා දමන බව Qantas අද නිවේදනය කළා.

මෙම තීරණයත් සමග Qantas සමූහයට එහි ගුවන් යානා අලුත් වැඩියා කිරීමේ සැලසුම් සඳහා ආයෝජනය කිරීමට ඩොලර් මිලියන 500 ක මුදලක් නිදහස් වන අතර එත් සමගම ආසියානු කලාපයට රැකියා 500 ක් පමණ අහිමි වනු ඇත.

Jetstar Asia හි Airbus A320 වර්ගයේ ගුවන් යානා 13 ක් ක්‍රමයෙන් ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට නැවත යොදවන බවත්, එමඟින් දේශීය රැකියා අවස්ථා ප්‍රමාණය වැඩි කරගත හැකි අතර අඩු ගාස්තු සේවා ලබාදිය හැකි බවත් Qantas පවසයි.

සැපයුම්කරුවන් සඳහා දැරිය යුතු පිරිවැය ඉහළ යාම, ගුවන් තොටුපළ ගාස්තු ඉහළ යාම සහ කලාපයේ තුළ තීව්‍ර වූ තරඟකාරිත්වය Jetstar Asia වෙත බලපා ඇත.

Qantas සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී Vanessa Hudson පවසන ආකාරයට Jetstar Asia  සමාගමට දරන්නට සිදු වූ සැපයුම්කරුවන් සඳහා වන පිරිවැය 200% ක් දක්වා ඉහළ යාම සමාගමට දැඩි බලපෑමක් එල්ල කර ඇත. ඇය තවදුරටත් පැවසුවේ Jetstar Asia කණ්ඩායම සහ අඩු ගාස්තු යටතේ සුවිශේෂී පාරිභෝගික සේවාවක් ලබා දීමට ඔවුන් ගෙන ඇති මහන්සිය ගැන අතිශය ආඩම්බර වන බවයි.

Jetstar Asia හි මධ්‍ය කාලීන A320 ගුවන් යානා 13 ක් ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ප්‍රධාන වෙළඳපොළවල් වෙත ක්‍රමානුකූලව නැවත යෙදවීම තුළින් දේශීය රැකියා 100 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කරන බවද ඇය පවසා සිටියාය.

“අපි දැනට අපගේ ඉතිහාසයේ වඩාත්ම අභිලාෂකාමී ගුවන් යානා බලඇණිය අලුත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටින අතර, ස්ථිර ගුවන් යානා ඇණවුම් 200 කට ආසන්න ප්‍රමාණයක් සහ අපගේ පවතින ගුවන් යානා බලඇණියට ඩොලර් මිලියන සිය ගණනක් ආයෝජනය කර තිබෙනවා.” ඇය තවදුරටත් පැවසුවාය. වසා දැමීමේ තීරණයට පෙර, මෙම මූල්‍ය වර්ෂය තුල ඩොලර් මිලියන 35 ක මූලික ලාභයක් (EBIT) අහිමි වනු ඇතැයි අපේක්ෂා කෙරුණි. වසර 20කට අධික කාලයක් සේවය සැපයූ Jetstar Asia මෑතකදී මුහුණ පාන ලද දැඩි තරඟකාරීත්වය සහ අධික පිරිවැය හේතුවෙන් මෙම තත්වයට පත්ව ඇත.

මෙලෙස Jetstar Asia ගුවන් සේවය ජූලි 31 වන දින ක්‍රියාත්මක වීම නවත්වනු ඇත. ඉදිරි සති හත සඳහා ගුවන් ගමන් ක්‍රියාත්මක වේ.

Don't forget to share this post!

Recent Posts

download
June 13, 2025