මෙන්න ලෝකයේ වටිනාම බෝනික්කා

  • Home
  • /
  • Blog
  • /
  • මෙන්න ලෝකයේ වටිනාම බෝනික්කා

අමෙරිකානු ඩොලර් ලක්ෂ එකහමාරක (USD 150,000) විශාල මුදලකට ලබාබු බෝනික්කාක් අලෙවි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම බෝනික්කා අලෙවි වී ඇත්තේ චීනයේ බීජිං නගරයේදී පවත්වන ලද වෙන්දේසියකිනි. මිනිස් සිරුරේ ප්‍රමාණයට සමානව නිර්මාණය කළ මෙම බෝනික්කා ලෝකයේ වඩාත්ම මිල අධික ලබාබු බෝනික්කා බවටද පත්ව තිබේ.

“ලබුබු” යන නාමයෙන් හඳුන්වන මෙම විශේෂ බෝනික්කා වර්ගය ලෝකයේ විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත. විශේෂයෙන්ම කොරියානු ගායන කණ්ඩායමක් වන Blackpink හි සාමාජිකාවක් වන ලීසා විසින් මෙම බෝනික්කන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රචාරය හේතුවෙන් ලොව පුරා ඉතා උද්යෝගයෙන් ඒවා සෙවීමක් පැවතිණි.

මෙම වෙන්දේසිය සංවිධානය කර තිබුණේ Yongle International Auction Company විසින් ය. පැය 48ක් පැවති මෙම වෙන්දේසියට පිරිස් 200කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වී ඇති අතර, තවත් දහස් සංඛ්‍යාත පිරිසක් අන්තර්ජාලය ඔස්සේද ලංසු තබා තිබේ.

ලබුබු බෝනික්කාවල නිර්මාතෘයා වන්නේ හොංකොං ජාතික කලාකරුවෙකු වන කේසිං ලන්ග් ය. ඔහු විසින් මෙවැනි මුහුණ සහිත බෝනික්කා නිර්මාණය කළ පසු, ලොව පුරා කලාකරුවන් අතර එය ජනප්‍රියත්වයට පත් විය.

මෙම විශේෂ බෝනික්කා වර්ගය සීමිත ලෙස නිෂ්පාදනය වීමත්, එයට ඇති විශාල ඉල්ලුමත් හේතු කොටගෙන මිල තවදුරටත් ඉහළ යාමක් පෙන්නුම් කරයි.

 

 

Image credit goes to by : https://bestshopingmall.ru/product/356199058256

Don't forget to share this post!

Recent Posts

786
February 20, 2026