ලංකාවට නොයා උප්පැන්න සහතිකය ඔස්ට්‍රේලියාවෙන්ම වෙනස් කරගමු

  • Home
  • /
  • Blog
  • /
  • ලංකාවට නොයා උප්පැන්න සහතිකය ඔස්ට්‍රේලියාවෙන්ම වෙනස් කරගමු

ලංකාවෙන් පිටතදී ඉපදුණු ඔබේ දරුවාගේ උපත සහ පුරවැසි බව ඕස්ට්‍රේලියාවේ සිට ලියාපදිංචි කරන ආකාරය ගැන තමයි අපි මේ කතා කරන්නේ. මේ සඳහා අයදුම් කරන්න ඕන විදිහ, අවශ්‍ය අයදුම්පත් download කරගන්න විදිහ, Birth Certificate එකට අවශ්‍ය Supporting Documents මොනවද, Payment එක කරන්නේ කොහොමද, සහ හදාගත්ත Birth Certificate එක අරගන්නේ කොහොමද? කියන දේවල් ගැන පසුගිය සතියේ කතා කළා. 

අද කියන්න හදන්නේ,

  • Birth Certificate එකේ වෙනසක් කරගන්න අවශ්‍යනම් ඒක කරගන්නේ කොහොමද?, සහ 
  • Birth Certificate එකේ පිටපතක් ලබාගන්නේ කොහොමද? කියන දේවල් ගැන.

Birth Certificate එකේ වෙනසක් කරගන්න අවශ්‍යනම් ඒක කරගන්නේ කොහොමද?

මේක අවස්ථා 2ක් යටතේ වෙනවා. 

1 . ඕස්ට්‍රේලියාවේ (Victoria, South Australia සහ Tasmania) උපත සිදු වී මෙම කාර්යාලය හරහා උපත සහ පුරවැසිභාවය ලියාපදිංචි කර ඇත්නම්:

ඔබේ දරුවාගේ උප්පැන්න සහතිකයේ යම් වෙනස්කමක්/සංශෝධනයක් සිදු කළ යුතු නම් උප්පැන්න සහතිකය ලැබුණු දින සිට දින 07ක් ඇතුළත, ඔබ මෙම කාර්යාලයට දැනුම් දිය යුතු අතර සහතිකය වහාම කාර්යාලයට ආපසු ලබා දිය යුතුයි.

ඔබ දින 07ක් ඇතුළත දැනුම් දුන්නේ නොමැති නම්, අදාළ ලියකියවිලි සහ ගාස්තුව සමඟ “උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහනක විස්තර වෙනස් කිරීම/ඇතුළත් කිරීම/අත්හැරීම සඳහා කරනු ලබන ප්‍රකාශය” (මෙය කොන්සල් ජනරාල් කාර්යාලයේ නිල වෙබ් අඩවියෙන් download කරගත හැක. අදාළ link පහතින් දක්වා ඇත) කාර්යාලයට ඉදිරිපත් කළ යුතුයි.

ඔබ විසින් අත්සන් කරන ලද ඉල්ලීම් ලිපියක්, ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් නිකුත් කරන ලද උප්පැන්න සහතිකයේ පිටපතක් සහ අවශ්‍ය වෙනස් කිරීම සම්බන්ධයෙන් අදාළ ලේඛනමය සාක්ෂි ද ඉදිරිපත් කළ යුතුයි. මෙය එක් එක් අවස්ථාව අනුව වෙනස් විය හැකියි. උදාහරණයක් ලෙස, උප්පැන්න සහතිකයේ, දෙමව්පියන්ගේ විස්තර වෙනස් කිරීමට ඔබට අවශ්‍ය නම්, ඔබ නිවැරදි විස්තර සහිත දෙමව්පියන්ගේ මුල් උප්පැන්න සහතිකය ඉදිරිපත් කළ යුතුයි.

ඔබේ ඉල්ලීම ශ්‍රී ලංකාවේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට යොමු කරනු ලබන අතර ඔවුන්ගේ අනුමැතිය ලැබීමෙන් පස්සේ උප්පැන්න සහතිකය සංශෝධනය කෙරෙනවා. සංශෝධිත උප්පැන්න සහතිකය ලබා ගැනීමට සූදානම් වූ පසු ඔබට e-mail පණිවිඩයක් හරහා දැනුම් දෙනවා.

2 . ශ්‍රී ලංකාවේ උපත සිදුවී ලියාපදිංචි කර ඇත්නම්:

ඔබ “උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහනක විස්තර වෙනස් කිරීම/ඇතුළත් කිරීම/අත්හැරීම සඳහා කරනු ලබන ප්‍රකාශය” අදාළ ලියකියවිලි සමඟ ශ්‍රී ලංකාවේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කළ යුතුයි. ඉහත ප්‍රකාශයේ සහ අදාළ ලියකියවිලි වල ඔබගේ අත්සන මුල් පිටපත් සහ අදාළ ගාස්තුව සමඟ ඉදිරිපත් කළහොත් මෙම කාර්යාලය හරහා සහතික කළ හැකියි.

Birth Certificate එකේ පිටපතක් ලබාගන්නේ කොහොමද?

මෙයත් අවස්ථා 2ක් යටතේ සලකා බැලෙනවා.

1 . ඕස්ට්‍රේලියාවේ (Victoria, South Australia සහ Tasmania) උපත සිදු වී මෙම කාර්යාලය හරහා උපත සහ පුරවැසිභාවය ලියාපදිංචි කර ඇත්නම්:

උප්පැන්න සහතිකයේ විස්තර (නම, උපන් දිනය, අයදුම්පත්‍රයේ යොමු අංකය (තිබේ නම්) ආදිය) ඇතුලත් කරලා, උප්පැන්න සහතිකයේ පිටපතක් ලබා ගැනීම සඳහා ඉල්ලීම් කරපු mail එකක් mail@slcgmel.org ලිපිනයට mail කරන්න.

අදාළ අයදුම්පත (මෙය කොන්සල් ජනරාල් කාර්යාලයේ නිල වෙබ් අඩවියෙන් download කරගත හැක. අදාළ link පහතින් දක්වා ඇත) ඉදිරිපත් කරලා, ගෙවීම සිදු කරාට පස්සේ ඔබට කවුන්ටරයෙන් උප්පැන්න සහතිකයේ පිටපත ලබා ගන්න පුළුවන්.

2 . ශ්‍රී ලංකාවේ උපත සිදුවී ලියාපදිංචි කර ඇත්නම්:

ඔබ අදාළ අයදුම්පත අදාළ ලියකියවිලි සමඟ ශ්‍රී ලංකාවේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කළ යුතුයි. ඉහත ප්‍රකාශයේ සහ අදාළ ලියකියවිලි වල ඔබගේ අත්සන මුල් පිටපත් සහ අදාළ ගාස්තුව සමඟ ඉදිරිපත් කළහොත් මෙම කාර්යාලය හරහා සහතික කළ හැකියි.

උප්පැන්න සහතික, විවාහ සහතික සහ මරණ සහතිකවල සහතික කරන ලද පිටපත් කොන්සල් ජනරාල් කාර්යාලය හරහා ලබා ගන්න ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තර දැනගන්න ඊට අදාළ සම්පූර්ණ ලිපිය කියවන්න.

ලංකාවේ සහතිකවල සහතික කළ පිටපත් මෙහෙ Consulate General එකෙන් ගන්න පුළුවන් බව දැනගෙන හිටියද?: https://sannasa.com.au/archives/7186 

 

 

Image credit goes to by : https://www.adaderana.lk/news.php?nid=90853

Don't forget to share this post!

Recent Posts

Cruel war scenes, digital painting.
August 13, 2025