මුහුදු මට්ටම ඉහළ යාම නිසා ළඟදීම යට වෙන මෙරට නගර 2

  • Home
  • /
  • Blog
  • /
  • මුහුදු මට්ටම ඉහළ යාම නිසා ළඟදීම යට වෙන මෙරට නගර 2

ඔස්ට්‍රේලියාව වගේම මුළු ලෝකයාම මුහුණ දෙන ගැටළුවක් ගැනයි මේ කතාව. ඇන්ටාක්ටිකාවේ ග්ලැසියරයක් තියෙනවා, ඒක හරිම විශාල සහ අස්ථායී නිසා, International Thwaites Glacier Collaboration එකේ විද්‍යාඥයින් එක හඳුන්වන්නේ “Doomsday Glacier” කියලා. මේක කඩා වැටුණොත්, ලොව පුරා නගරවල සමහර කොටස් ගිලී යන තරමට මුහුදු මට්ටම ඉහළ යන්න පුළුවන්.

මෙම Thwaites Glacier එක බටහිර ඇන්ටාක්ටිකාවේ පිහිටා ඇති අතර එය දළ වශයෙන් මහා බ්‍රිතාන්‍යයේ ප්‍රමාණයට සමානයි. එය 2km කට වඩා ඝනකමකින් යුක්ත වන අතර, දිය වූ විට කොපමණ ජල ප්‍රමාණයක් සාගරයට එකතු වෙනවද කියලා ඔබට හිතාගන්න පුළුවන්.

එය සම්පූර්ණයෙන්ම කඩා වැටුණොත්, ගෝලීය මුහුදු මට්ටම ආසන්න වශයෙන් 65cm කින් ඉහළ යා හැකි බව තමයි විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ. “Thwaites Glacier එක කඩා වැටුණොත්, එය මුහුදු මට්ටම 65cm කින් (අඟල් 25) පමණ ඉහළ යාමට හේතු වෙනවා” යැයි South Florida විශ්ව විද්‍යාලයේ ආචාර්ය Alastair Graham පැවසුවා.

ඒක එතරම් දෙයක් නොවන බව ඇහුව ගමන් ඔබට හිතුනත්, නිවැරදිව බැලූ විට ලොව පුරාම සිටින බොහෝ දෙනෙක්ට බලපෑම් කළ හැකි තත්ත්වයක්. 65cm ක ඉහළ යාමක් පහත් බිම්වල විශාල ප්‍රදේශයක් ජලයෙන් යටවීමට ප්‍රමාණවත්. New York, London, සහ Bangkok වැනි ප්‍රධාන නගර වලටත් මෙම තත්ත්වය බලපානවා. මේ හේතුවෙන්, පැසිෆික් සහ ඉන්දියානු සාගරවල දූපත් ජනාවාස වීමට නුසුදුසු තත්ත්වයටද පත් වෙන්න පුළුවන්.

ඕස්ට්‍රේලියාව පවා මේ තත්ත්වය යටතේ ආරක්ෂිත නැහැ. අපගේ ජනගහනයෙන් වැඩි පිරිසක් වෙරළ තීරය ආසන්නවයි ජීවත් වෙන්නේ. ඒ වගේම Sydney, Melbourne, සහ Gold Coast වගේ නගරවල බොහෝ තදාසන්න ප්‍රදේශ වලටත් මුහුදු මට්ටමේ සිට ඇත්තේ මීටර කිහිපයක උසක් පමණයි. මුහුද මීටර් භාගයක් හෝ ඉහළ ගියහොත් මෙම ප්‍රදේශත් ගංවතුරට ගොදුරු වෙන්න පුළුවන්.

සමහර විද්‍යාඥයින් විශ්වාස කරන්නේ ඉදිරි වසර කිහිපය තුළ එම අයිස් තට්ටුවේ කොටස් කැඩී යා හැකියි කියලා. එහෙම වුණොත්, ග්ලැසියරයේ දියවීම, සැලකිය යුතු ලෙස වේගවත් විය හැකි අතර, ඊටත් වඩා අයිස් සාගරයට මුදා හැරිය හැකියි.

නරකම දේ තමයි Thwaites දැනටමත් වේගයෙන් දියවෙමින් පවතින එක. මෙහි අයිස් සාගරයට ගලා යාම ඉහළ ගිහින් තිබෙනවා වගේම, 1990 ගණන්වල දක්නට ලැබුණු වේගයට වඩා දෙගුණයකටත් වැඩි වේගයකින් අයිස් දියවෙමින් පවතිනවා.

ග්ලැසියරය දිය වීම මන්දගාමී කරන, එය ඉදිරිපිට ඇති පාවෙන අයිස් කුට්ටියත් පීඩනය යටතේ ඉරිතලා දුර්වල වෙමින් පවතිනවා. “මෙම වසර සැබවින්ම වෙනස්” යැයි Colorado Boulder විශ්ව විද්‍යාලයේ ග්ලැසියර විද්‍යාඥයෙකු සහ ජාත්‍යන්තර Thwaites ග්ලැසියර සහයෝගීතාවයේ විද්‍යා සම්බන්ධීකරණ කාර්යාලයේ ප්‍රධානී Ted Scambos, CNN වෙත පවසා තිබුණා. මෙම තත්ත්වය පාලනය කිරීම ඉතා අපහසු බවත ඔහු වැඩි දුරටත් පැවසුවා.

ඉදිරි වසර කිහිපය තුළ එම අයිස් තට්ටුවේ කොටස් කැඩී යා හැකි බව සමහර විද්‍යාඥයන් විශ්වාස කරනවා. එසේ සිදුවුවහොත්, ග්ලැසියරයේ දියවීම තවත් වේගවත් විය හැකි අතර, තවත් අයිස් සාගරයට මුදා හැරෙනවා.

සැබවින්ම භයානක කාරණය වෙන්නේ, Thwaites සමහර විට “keystone” ග්ලැසියරයක් ලෙස හඳුන්වන එක. ඒක වැටුණොත්, අසල තිබෙන අනෙකුත් ග්ලැසියරත් අස්ථාවර කළ හැකි අතර, අවසානයේ සියවස් ගණනාවක් පුරාවට මුහුදු මට්ටම මීටර් කිහිපයකින් ඉහළ නැංවීමට ප්‍රමාණවත් තරම් අයිස් දියවීම ආරම්භ වෙන්න පලුවන්.

එම නරකම අවස්ථාවන් ඇති වීමට බොහෝ කාලයක් ගතවුණත්, Thwaites දැනටමත් වර්තමාන මුහුදු මට්ටම ඉහළ යාමට හේතුවක් වෙලා අවසන්. එය කෙතරම් දුරට සිදු වේද කියන දේ අනාගත හරිතාගාර වායු විමෝචනය මත දැඩිව රඳා පවතිනවා.

දේශගුණික විද්‍යාඥයින් පවසන්නේ මෙය පෘථිවිය උණුසුම් වෙමින් පවතින බවට තවත් අනතුරු ඇඟවීමේ ලකුණක් බව. එය වෙරළ තීර වෙනස් කරන, මිලියන ගණනක් ජනතාව අවතැන් කරන වගේම දැවැන්ත ආර්ථික හා මානුෂීය අභියෝග ඇති කරන දෙයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ඇන්ටාක්ටිකාවේ අයිස් පිළිබඳ කතාව මෙම එක් ග්ලැසියරයකට පමණක් සීමා වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම, මුළු මහාද්වීපයම අපට අනතුරු අඟවමින් සිටිනවා. National Snow and Ice Data Center එකට අනුව, ශීත කාලය සඳහා ඇන්ටාක්ටික් මුහුදු අයිස්, වාර්තාගත අවම මට්ටමකට පැමිණ තිබෙනවා. මුහුදු අයිස් දියවන විට මුහුදු මට්ටම ඉහළ නංවන්නේ නැති නිසා, ගොඩබිම් අයිස් වලට සමාන නොවුනත් එය තවමත් දේශගුණික පද්ධතියේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා.

 

 

Image Credit : https://news.virginia.edu

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025