බ්‍රිතාන්‍ය ගායකයෙක් වගේම ගීත රචකයෙක් වන Ed Sheeran 2026 දී ඔහුගේ නවතම Loop Tour එක සඳහා ඕස්ට්‍රේලියාවට නැවත පැමිණෙන බව නිවේදනය කරා.
ගෝලීය සුපිරි තරුව ලබන වසරේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවලදී Perth, Brisbane, Sydney, Melbourne සහ Adelaide හි රට පුරා දැවැන්ත සංදර්ශන අටක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ඔහු නවසීලන්තයේ Auckland, Wellington සහ Christchurch හි සංදර්ශන තුනක් ද පවත්වනවා.
සජීවී සංදර්ශන පුදුම කිරීම් වලින් සහ නව සංගීතයෙන් මෙන්ම ඔහුගේ ඇති දැවැන්ත ජනප්‍රිය ගීතවලින් පිරී ඇති බවත් ඔහු ප්‍රේක්‍ෂකයන්ට පොරොන්දු වෙනවා. Sheeran අඟහරුවාදා පැවති virtual press conference එකකදී ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයන් සමඟ මෙම අදහස් බෙදා ගත්තා. ඒ London නුවර සිට Lord Dudley Hotel වෙත අමතමින්.
“මම 2026 වසරේ නව සංචාරයක් ආරම්භ කරනවා. මම එය ඕස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙන් ආරම්භ කරන්න යනවා. ඒක අලුත් වේදිකාවක්, අලුත් උපක්‍රම, අලුත් set එකක්, අලුත් ගීත, පැරණි ගීත, ඒ ගැන ඇත්තටම සතුටුයි. ඒ වගේම මම Aus සහ New Zealand වලින් එය ආරම්භ කිරීමට ඇත්තටම උද්යෝගිමත් වෙලා ඉන්නවා. මම දිගු කාලයකින් එහි සංචාරයක් ආරම්භ කර නැහැ. මම සාමාන්‍යයෙන් සංචාරය එහෙන් අවසන් කරනවා. ඒ නිසා එහෙන් ආරම්භ කිරීම හොඳයි.” යැයි Sheeran පැවසුවා.
සුප්‍රසිද්ධ Lord Dudley Hotel එක මෙම දිනයේ ‘Old Phone Pub’ එකක් ආකාරයට සරසා තිබුණා. ඊට හේතුව වන්නේ Sheeran විසින් ඔහුගේ නව ඇල්බමයේ, Old Phone ගීතයේ සංගීත වීඩියෝව සඳහා pop-up pub සංකල්පයක් නිර්මාණය කර තිබීමයි. එය සැප්තැම්බර් 12 වන දින නිකුත් කිරීමට නියමිත ඔහුගේ ඉදිරි ඇල්බමය වන Play හි ප්‍රධාන ගීතයයි.
ෂීරාන් ඕස්ට්‍රේලියාවේ අවසන් වරට ප්‍රසංගයක් පැවැත්වුයේ 2023 වර්ෂයේදීයි. ඒ ඔහුගේ Mathematics Tour එක සඳහා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පුරා ටිකට්පත් මිලියන 2.5 ක් අලෙවි වුණා. එය ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම සංචාරයයි.
“එක්සත් රාජධානියෙන් පිටත සංගීතඥයෙකු ලෙස මා පිළිගෙන ආදරය කළ පළමු ස්ථානය ඕස්ට්‍රේලියාවයි. එය මගේ ජාත්‍යන්තර වෘත්තීය ජීවිතය ආරම්භ වූ ස්ථානයක් යැයි මම සිතනවා” යනුවෙන් ඔහු අපේ රටට ඔහු ආදරය කරන හේතුව විමසූ විට පැවසුවා. “මම එහි ගිය සෑම අවස්ථාවකම එය නිවාඩුවක් මෙන් දැනුණා. මම ඕනෑවට වඩා උද්යෝගිමත්ව මුළු රාත්‍රිය පුරාම එළියට යන නිසා පළමු දිනයේම මගේ කටහඬ නැති වී ගියා. ඒ නිසා එය සැමවිටම ඉතා විනෝදජනකයි.”
Down Under සංචාරයක් ආසන්න බව Sheeran ඉඟි කිරීමෙන් සති කිහිපයකට පසු නිවේදනය නිකුත් වුණා. ඕස්ට්‍රේලියාවට නැවත පැමිණීම 2026 ආරම්භය ලෙස ඔහු වරක් දක්වා තිබුණා. සති කිහිපයක් ගත වූ නමුත්, ඔහු අවසානයේ අද තහවුරු කළේ ඔහුගේ බෙහෙවින් අපේක්ෂිත සංදර්ශන සඳහා ටිකට්පත් ජූලි 29 වන අඟහරුවාදා අලෙවියට නියමිත බවයි.
Image credit goes to: https://x.com/chartsafrica/status/1941566587926085700