එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යන ආසියානු කුසලානය

  • Home
  • /
  • Sports
  • /
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යන ආසියානු කුසලානය

ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, 2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර සැප්තැම්බර් 8 සිට 28 දක්වා පැවැත්වීමට නියමිතව ඇත. තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

මෙම තීරණය ඊයේ (24) දින ඩකා නුවරදී පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) රැස්වීමේදී ගනු ලැබූ බව වාර්තා වෙයි. මුලදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) මෙයට විරුද්ධ වූ නමුත්, පසුව අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වීමට එකඟ වී ඇත.

මුල් වාර්තාවල දැක්වූවක් පරිදි තරගාවලිය සැප්තැම්බර් 10 වැනිදා ආරම්භ වීමට යෝජනා කර තිබුණි. නමුත් අලුත්ම වාර්තාව අනුව තරග ආරම්භය දින දෙකකට පෙරගෙන යන බව පෙනේ.

මෙවර තරගාවලියට කණ්ඩායම් 8ක් සහභාගී වේ. පූර්ණ සාමාජිකයන් ලෙස:

  • ඉන්දියාව
  • ශ්‍රී ලංකාව
  • බංග්ලාදේශය
  • පාකිස්ථානය
  • ඇෆ්ගනිස්ථානය

එමෙන්ම ACC ප්‍රිමියර් කුසලානයේ සාර්ථකත්වය මත තෝරාගත්:

  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE)
  • හොංකොං
  • ඕමාන්

සෙසු කණ්ඩායම් ලෙස තරගයට එක් වීමට නියමිතය.

 

Image Credit goes to by : https://in.pinterest.com/

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025