හොංකොං ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක්

  • Home
  • /
  • Sports
  • /
  • හොංකොං ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක්

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයෙකු වන කෞෂාල් සිල්වා හොංකොං පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වී ඇත. මෙම පත්වීම, ආසන්න ආසියානු කුසලාන තරඟාවලියට අදාළව සිදු වී ඇති අතර, හොංකොං කණ්ඩායම ඔවුන්ගේ ප්‍රථම තරඟය සඳහා ඇෆ්ගනිස්ථානයට එරෙහිව සැප්තැම්බර් 09 වන දින පිටියට පිවිසෙයි.

2011 සිට 2018 තෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරඟ 39ක් සම්පූර්ණ කළ කෞෂාල්, 2019 සිට ශ්‍රී ලංකාවට අමතරව එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයකම ක්‍රිකට් පුහුණුකරු ලෙස ක්‍රියා කර ඇත. අවුරුදු 39ක් වන කෞෂාල් සිල්වාට ජාත්‍යන්තර මට්ටමේ ජාතික කණ්ඩායමක් මෙහෙයවීම මෙය පළමු අවස්ථාව ද වේ.

 

 

Image Credit – https://www.skysports.com

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025