ඕස්ට්‍රේලියාවේ ප්‍රවාහන පද්ධතියේ ප්‍රධානම ක්‍රම කිහිපයක් ගැන අපි කලින් කතා කළා. අදත් කියන්න හදන්නේ මෙරට ප්‍රවාහන පද්ධතිය ගැන තවත් කරුණු කිහිපයක්.
Reusable Smart Card System
විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහනය සම්බන්ධව මුදල් ගෙවීමට භාවිත වන වඩාත් හොඳ ක්‍රමයක් තමයි Smart Card technology එක. එය සංචාරකයින්ට වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් සපයන අතර ටිකට්පත් සඳහා දිගු පෝලිම් වල රැදී සිටින්න වෙන්නෙත් නැහැ.
මේ Smart Card technology එක ඕස්ට්‍රේලියාවේ ප්‍රවාහන සේවා සපයන්නන්ට ගාස්තු වලට අදාළ මුදල් පහසුවෙන් විශ්වසනීය ලෙස ගෙවන්න අවස්ථාව සලසා දෙනවා.
පොදු ප්‍රවාහනයේ සනීපාරක්ෂාව සහ ආරක්ෂාව
ඕස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන පද්ධතිය මගීන්ට පිරිසිදු, ආරක්ෂිත සහ හොඳින් නඩත්තු කරන ලද සේවාවන් ලබා දෙනවා. මෙලස ඉහළම මට්ටමේ පහසුකම් සහිත ඕස්ට්‍රේලියාවේ හොඳම පොදු ප්‍රවාහනය ජනතාවට ලැබෙන බව සහතික කිරීම සඳහා මෙම සේවාවන් ඉහළ අධීක්ෂණය යටතේ පවතිනවා.
ඕස්ට්‍රේලියාවේ බස් රථ, දුම්රිය හෝ වෙනත් ප්‍රවාහන මාධ්‍යය මගීන්ගෙන් overload වෙලා තිබෙන දර්ශනයක් දකින්න වෙන්නෙම නැති තරම්. බස් රථ, දුම්රිය සහ ට්‍රෑම් රථ වායු සමීකරණය සහිත පහසුකම් සහ නවීන සැලසුමකින් යුක්තයි. Terminals සහ stations පැය 24 පුරාම නිරීක්ෂණය යටතේ පවතින අතර එය මගීන්ට දැඩි ලෙස ආරක්‍ෂාවක් ලබා දෙනවා.
සෑම විටම ආරක්ෂාව සහතික කරමින් Terminals සහ stations වල ආරක්ෂක නිලධාරීන් ද සිටිනවා. ඉතින් මේ විදිහට ඕස්ට්‍රේලියාවේ හොඳම ප්‍රවාහනය, පහසු, කාර්යක්ෂම, කරදරයකින් තොර සහ ඒ සමඟම ආරක්ෂිත වන පරිදි සකස් කර තිබෙනවා.