“ආයුර්වේදය” කියන්නේ වසර 3000 කට අධික කාලයක් තිස්සේ පවත එන ඖෂධ ක්‍රමයක් පමණක්ම නොවෙයි. ශ්‍රී ලාංකිකයන් හා පරම්පරා ගණනාවක් බද්ධ වුණු ජීවන රටාවක් ද වෙනවා. ආයුර්වේද ප්‍රතිකාර ඉතිහාසයේ, ශ්‍රී ලාංකික පවුල් කිහිපයක් ඔවුන්ගේ පවුල් පමණක් දන්නා රහසිගත සුව කිරීමේ වට්ටෝරු සමඟ තමන්ගේම ප්‍රතිකාර ක්‍රම උරුම කර ගත් අතර ඔවුන්ගේ පවුල් අතර එය පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වුණා.
ඉතින් ලංකාවෙන් පිටත සිටියත් ඔයාටත් අවස්ථාව තිබෙනවා අවුරුදු දහස් ගණනක් පැරණි ආයුර්වේද ප්‍රතික්කර ක්‍රම හරහා ඔයාගේ ලෙඩ රෝගත් සුව කරගන්න. ඒ ‘හෙළායු’ සමගයි.
මෙම ‘හෙළායු’ වෛද්‍ය සේවය පවත්වාගෙන යන “වෛද්‍යරත්න පවුල” විසින් “පල්ලෙවෙල” ආයුර්වේද සුව කිරීමේ ප්‍රතිකාර උරුම කරගෙන ඇති අතර ඔවුන්ගේ අසමසම විකලාංග ප්‍රතිකාර බොහෝ විට අනෙකුත් වෛද්‍ය ක්‍රමවේදයන් හෝ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අභිබවා ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පුරාණ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අද දක්වාම අනුගමනය කරන කිහිපයක් වුණු පවුල් අතර, “පල්ලෙවෙල කැඩුම් බිදුම්” වෛද්‍යරත්න පවුල විසින් වසර 400 කට ආසන්න කාලයක් අද්විතීය ලෙස පවත්වාගෙන එනවා. මොවුන් මාංශ පේශි ආබාධ සහ විකලාංග වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥතාවක් දක්වන අතර, වෛද්‍යරත්න පවුලට පමණක් අනන්‍ය වූ අභ්‍යන්තර දැනුම සහ සුව කිරීමේ රහස් සමඟ ඖෂධීය බෙහෙත් වර්ග, පත්තු, කසාය, චිකිත්සක තෙල් සහ අනෙකුත් සුව කිරීමේ නිෂ්පාදන අඛණ්ඩව පිරිනමනවා.
වෛද්‍යරත්න පවුලේ 11 වන පරම්පරාව විසින් මේ වන විට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල් දෙකේම සුව කිරීමේ ආයුර්වේද ප්‍රතිකාර ලබා දෙනවා. මෙලෙස කුඩා ගම්මානයකින් ආරම්භ වී, වෛද්‍යරත්න පවුල දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කැපී පෙනෙන කීර්තියක් අත්කර ගැනීමට මේ වන විට සමත් වී තිබෙනවා.
ඉතින් ඔයා ඕස්ට්‍රේලියාවේ සිටියා වුනත් ඔයාගේ සෞඛ්‍ය ගැටළු වලට ලාංකීය ආයුර්වේද විද්‍යාවේ ප්‍රතිකාර ලබා ගැනීමට ‘හෙළායු’ වෙත එන්න.
- ඔයාගේ ජීවන රටාවට ගැලපෙන ආයුර්වේද ආහාර සැලැස්මක් නිර්මාණය කර ගැනීමට
ඔබේ ආහාර සහ ජීවන රටාව සැලකිල්ලට ගනිමින්, ඔබේ ශරීරය තුළ ඇති අසමතුලිතතාවය විශ්ලේෂණය කර හඳුනා ගෙන ඔබ සඳහාම විශේෂ වුනු පරිපූර්ණ ප්‍රතිකාර සැලසුමක් ලබා දෙනවා.
- ආයුර්වේද ප්‍රතිකාර හරහා Detoxification
මෙමගින් ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය වගේම වසා පද්ධතිය පරිසිදු කර වඩාත් සෞඛ්‍යය සම්පන්න කර දෙනවා.
- මාංශ පේශි ආබාධ (MSD)
මාංශ පේශි, ස්නායු, කණ්ඩරාවන්, සන්ධි, කාටිලේජ සහ කොඳු ඇට පෙළේ ඇති තුවාල හෝ ආබාධ සඳහා ආයුර්වේද ප්‍රතිකාර සපයනවා.
- අස්ථි බිඳීම් සහ විස්ථාපනය
අද්විතීය සහ ස්වාභාවික ප්‍රතිකාර මගින් අස්ථි බිඳීම් සුව කරගන්න පුළුවන්. ශල්‍යකර්මයක් තෝරා ගන්නවා වෙනුවට ස්වාභාවික ආයුර්වේද ප්‍රතිකාර උත්සාහ කර බලන්න ඔබටත් පුළුවන්.
ශ්‍රී ලංකාවේ කොළඹ සහ කළුබෝවිල මෙන්ම ඕස්ට්‍රේලියාවේ Epping වලත් ‘හෙළායු’ වෛද්‍ය මධ්‍යස්ථාන පිහිටා තිබෙනවා. ඉතින් ඔයත් කුමන හෝ සෞඛ්‍යය ගැටලුවකින් පීඩා විඳින කෙනෙක්නම් කතා කරන්න.
Melbourne Branch – +61 466108070
No. 32 Hayston Boulevard,
Epping, Victoria 3076,
Australia
Colombo Centre – +94 774829884
Kalubowila Branch – +94 774829884