අද කියන්න හදන්නේ නීරෝගිමත් ජීවිතයකට වැදගත් වෙන දෙයක් ගැන. මේ තමයි ඕස්ට්‍රේලියානු ආහාර මාර්ගෝපදේශ, එහෙමත් නැත්නම් Australian dietary guidelines.
Australian dietary guidelines සෞඛ්‍යය සහ යහපැවැත්ම රැකෙන පරිදි ආහාර ගැනීම පිළිබඳ උපදෙස් ලබා දෙනවා. නවතම විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව, දිගු හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ඔයා පවත්වා ගත යුතු ආහාර පුරුදු ගැන මේ මගින් විස්තර කරනවා. මේ පිළිබඳ හැම දෙයක්ම රජයේ eatforhealth.gov.au වෙබ් අඩවියේ පැහැදිලිව දක්වා තියෙනවා.
මොනවද මේ Australian dietary guidelines?
Australian dietary guidelines වල ආහාර වර්ග සහ ප්‍රමාණයන්, ආහාර කාණ්ඩ සහ ආහාර රටා පිළිබඳ තොරතුරු අඩංගු වෙනවා. මේවයේ අරමුණු වන්නේ;
- සෞඛ්‍යය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම,
- අධික කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය සහ තරබාරුකම වැනි ආහාර ආශ්‍රිත රෝග තත්වයන් ඇතිවීමේ අවදානම අඩු කිරීම සහ
- දෙවන වර්ගයේ දියවැඩියාව, හෘද වාහිනී රෝග සහ සමහර පිළිකා වර්ග වැනි නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීම.
ඕස්ට්‍රේලියානු ආහාර මාර්ගෝපදේශ සෞඛ්‍ය වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, අධ්‍යාපනඥයින්, ආහාර නිෂ්පාදකයින්, සිල්ලර වෙළෙන්දන් සහ පර්යේෂකයින්ට භාවිතා කිරීම සඳහා වන අතර, එමඟින් සියලුම ඕස්ට්‍රේලියානුවන් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම කරා යොමු කෙරෙනවා.
Australian dietary guidelines සියලුම සෞඛ්‍ය සම්පන්න ඕස්ට්‍රේලියානුවන්ට වගේම අධි බර වැනි පොදු සෞඛ්‍ය තත්වයන් ඇති අයටත් අදාළ වෙනවා. නමුත් වෛද්‍ය හේතූන් මත විශේෂ ආහාර උපදෙස් ලබා ගන්නා පුද්ගලයින්ට හෝ දුර්වල වැඩිහිටියන්ට ඒවා අදාළ වෙන්නේ නැහැ.
Australian dietary guidelines වල සාරාංශයක් බලාගන්න පහත ලින්ක් එකෙන් යන්න.
Australian guide to healthy eating කියන්නේ මොකක්ද?
Australian guide to healthy eating යනු ආහාර තෝරා ගැනීමේ මාර්ගෝපදේශයක් වන අතර එය දිනපතා පරිභෝජනය සඳහා නිර්දේශිත ආහාර කාණ්ඩ පහේ අනුපාතය නිරූපණය කරනවා.
Australian guide to healthy eating බලන්න පහත link එකෙන් යන්න.
https://www.eatforhealth.gov.au/guidelines/australian-guide-healthy-eating
අපට ආහාර මාර්ගෝපදේශ අවශ්‍ය වන්නේ ඇයි?
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ජීවන තත්ත්වය සහ යහපැවැත්ම වැඩි දියුණු කරන අතර නිදන්ගත රෝගවලින් ආරක්ෂා කිරීමට උදව්වක්. ළදරුවන්ට සහ දරුවන්ට, සාමාන්‍ය වර්ධනය සඳහා හොඳ පෝෂණයක් අත්‍යවශ්‍ය වෙනවා. ආහාර ආශ්‍රිත නිදන්ගත රෝග ඕස්ට්‍රේලියානුවන් අතර මරණයට හා තවත් ආබාධ වලට ප්‍රධාන හේතුවක්.
සියලුම රට වැසියන්ට සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරාගැනීමට උපකාර වීම සඳහා ආහාර සහ සෞඛ්‍යය පිළිබඳ හොඳම විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ ආහාර උපදෙස් මාලාවක් ලෙස Australian dietary guidelines සහ Australian guide to healthy eating, සාක්ෂි සහ විශේෂඥ මතය භාවිතා කරමින් සංවර්ධනය කර තිබෙනවා. එබැවින් මෙම මාර්ගෝපදේශ ආහාර ආශ්‍රිත නිදන්ගත රෝග වැළැක්වීමට උපකාරී වන අතර ඔබේ සෞඛ්‍යය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වෙනවා.
සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරාගන්නේ කොහොමද කියලා ඉදිරියේදී තව දුරටත් කතා කරමු.