අපි කලින් දවසක Australian dietary guidelines සහ Australian guide to healthy eating ගැන කතා කළා. අද අපි බලමු සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරාගන්නේ කොහොමද කියලා.
ආහාර තේරීම් වලට බලපාන බොහෝ දේ තිබෙනවා. උදාහරණයක් විදිහට තමන්ගේ පුද්ගලික කැමැත්ත, සංස්කෘතික පසුබිම හෝ මස් මාංශ ආහාරයට ගැනීම නොගැනීම වගේ දේවල් මේකට බලපානවා. මේ ප්‍රායෝගික උපදෙස් නිර්මාණය කිරීමේදී NHMRC මේ පිළිබඳවත් සැලකිල්ලට ගෙන තිබෙනවා. කලින් කියපු Australian dietary guidelines මතකයේ තබා ගැනීම ඔයාගේ සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරා ගැනීමට උදව්වක් වේවි.
මේ Australian dietary guidelines හරහා සෞඛ්‍යය ප්‍රවර්ධනය කරන ආහාර වේලක් ගැනීමට බොහෝ විකල්ප සපයලා තිබෙනවා. නිශ්චිත ආහාර පමණක් අනුභව කිරීම හෝ ඇතැම් අහාර වලින් සම්පූර්ණයෙන්ම වළක්වනවා වෙනුවට සෞඛ්‍යය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කරන ආහාර රටා කෙරෙහි මෙම උපදෙස් අවධානය යොමු කරලා තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ ආහාර සම්බන්ධ සෞඛ්‍ය ගැටලු බොහොමයකට හේතු වෙන්නේ high energy, සංතෘප්ත මේදය, එකතු කළ සීනි සහ/හෝ ලුණු සහිත, නමුත් සාපේක්ෂව අඩු පෝෂ්‍ය පදාර්ථ ඇති ආහාර අධික පරිභෝජනයට ගැනීමයි. මේවාට බැදපු සහ මේද අධික take-away foods, පේස්ට්‍රි, කේක් සහ බිස්කට් වැනි බේක් කළ නිෂ්පාදන, චිප්ස් වැනි savoury snacks සහ සීනි අධික පැණි බීම වර්ග ඇතුළත් වෙනවා. මෙම ආහාර නිතරම පරිභෝජනය කරනවා නම්, ඒවා අධික තරබාරුව සහ අනෙකුත් ආහාර ආශ්‍රිත රෝග තත්වයන් වැඩි කිරීමට හේතු වෙනවා.
ඒ වගේම මේ ආහාර ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු බොහොමයක් එළවළු, පලතුරු සහ සම්පූර්ණ ධාන්‍ය වර්ග ඇතුළු පෝෂ්‍ය පදාර්ථ බහුල ආහාර ප්‍රමාණවත් ලෙස නොගැනීම සමඟ සම්බන්ධ වෙනවා. ඒ නිසාම සෞඛ්‍යය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමට සහ නිදන්ගත රෝගවලින් ආරක්ෂා වීමට උපකාරී වන මෙම පෝෂ්‍යදායී ආහාර හැකිතාක් දිනපතා පරිභෝජනයට එක කරගත යුතුයි.