ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයේ එක්දින තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායම අද (අගෝස්තු 22) සිම්බාබ්වේ බලා පිටත් වීමට නියමිතයි.
මෙම අගෝස්තු 29 වන සිකුරාදා සහ අගෝස්තු 31 වන ඉරිදා Harare Sports Club ක්‍රීඩාංගනයේ දී එක් දින තරඟ ද්විත්වය පැවැත්වෙනවා.
මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම්කරන ලද ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතය වන්නේ;
- චරිත් අසලංක (නායක)
- පැතුම් නිශ්ශංක
- නිශාන් මධුෂ්ක
- කුසල් මෙන්ඩිස්
- සධීර සමරවික්‍රම
- නුවනිදු ප්‍රනාන්දු
- කමිඳු මෙන්ඩිස්
- ජනිත් ලියනගේ
- පවන් රත්නායක
- දුනිත් වෙල්ලාලගේ
- මිලාන් රත්නායක
- මහීෂ් තීක්ෂණ
- ජෙෆ්රි වැන්ඩර්සේ
- අසිත ප්‍රනාන්දු
- දුෂ්මන්ත චමීර
- ඩිල්ෂාන් මධුශංක
T20 තරංග ත්‍රිත්වය සැප්තැම්බර් 3, 6 සහ 7 යන දින වලදී Harare Sports Club ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
Image credit: https://www.espncricinfo.com/