මෙන්න ඔයාට අලුතෙන්ම ගෙවන්න වෙන බද්ද

  • Home
  • /
  • News
  • /
  • මෙන්න ඔයාට අලුතෙන්ම ගෙවන්න වෙන බද්ද

වසරකට ඩොලර් බිලියන 40 කට වඩා ආදායමක් රැස් කළ හැකි නව බදු ප්‍රතිසංස්කරණයක් යෝජනා වී තිබෙනවා.

ඕස්ට්‍රේලියානු think tank එකක් විසින් ඉදිරිපත් කරන ලද නව බදු සැලැස්මක් සම්මත වුවහොත් වසරකට ඩොලර් බිලියන 41 ක් රැස් කළ හැකි නමුත් එක් විශේෂඥයෙක් විසින් මෙම යෝජනාව ‘ඇදහිය නොහැකි තරම් භයානක’ එකක් ලෙස දක්වා තිබෙනවා.

මෙම සතියේ ආර්ථික ප්‍රතිසංස්කරණ වටමේසයට පෙර නිකුත් කරන ලද වාර්තාවක, Australia Institute එක ඩොලර් මිලියන 5 කට වඩා වටිනා වත්කම් ඇති පුද්ගලයින් සඳහා 2% ක wealth tax එකක් යෝජනා කළා.

ඩොලර් මිලියන 5 කට වඩා වටිනා ශුද්ධ වත්කම් (net assets) ඇති පවුල් 2022 දී ඉහළම 5% අතර සිටි බව වාර්තාවේ සඳහන් වෙනවා.

මෙම කණ්ඩායමෙන් වාර්ෂිකව 2% ක wealth tax එකක් අය කිරීම ඩොලර් බිලියන දස දහස් ගණනක් රැස් කිරීමට හේතු වනු ඇත. ඔවුන්ගේ පවුලේ නිවසේ වටිනාකම සහ විශ්‍රාම වැටුප නිදහස් කිරීමෙන් පවා වසරකට ඩොලර් බිලියන 41 ක් රැස් වනු ඇත.

1960 සහ 70 ගණන්වල state සහ federal මට්ටමින් විවිධ ආකාරවලින් ක්‍රියාත්මක වූ inheritance tax එකක් නැවත හඳුන්වා දෙන ලෙසත්, capital gains tax discount අවසන් කරන ලෙසත් think tank ඉල්ලා සිටිනවා.

සමස්තයක් වශයෙන්, එම බදු ප්‍රතිසංස්කරණ තුන අඩු හෝ මධ්‍යම ආදායම් ලබන ඕස්ට්‍රේලියානුවන්ට හානියක් නොවන පරිදි වසරකට අමතර ඩොලර් බිලියන 70 ක් රැස් කරන බව ආයතනය කියා සිටිනවා.

නමුත් AMP ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Shane Oliver මෙම යෝජනාව සම්බන්ධයෙන් ගැටළු මතු කරමින් එය ආර්ථිකයට හානි කරන බවට අනතුරු ඇඟවනවා.

“ධනවතුන්ගෙන් බදු අය කිරීම න්‍යායාත්මකව හොඳ යැයි පෙනේ. නමුත් එම සියලු ප්‍රතිසංස්කරණ මගින් ඉහළ ආදායම් ලබන අය සඳහා බදු තවදුරටත් වැඩි කරනු ඇත. අපගේ බදු ක්‍රමය දැනටමත් විකෘති වී ඇත” යනුවෙන් ඔලිවර් මහතා පැවසුවා.

ඔස්ට්‍රේලියානු, ආදායම් උපයන්නන් අතරින් ඉහළම 10% ක් දැනටමත් ආදායම් බද්දෙන් 50% ක් පමණ ගෙවන බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නා.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025