එක්සත් ජනපදයෙන් පළමු වරට flesh-eating parasite infestation තත්වයක් ඇති පුද්ගලයෙකු හමු වී තිබෙනවා.
El Salvador සිට එක්සත් ජනපදයට ආපසු පැමිණි රෝගියෙකුගෙන් New World screwworm (NWS) myiasis සොයා ගත් බව සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව සඳුදා පැවසුවා. මෙය අගෝස්තු 4 වන දින තහවුරු කළා.
NWS myiasis යනු පරපෝෂිත මැස්සන් නිසා ඇති වන කීටයන් හෝ පණුවන්ගේ පරපෝෂිත ආසාදනයක්. පළිබෝධකය ප්‍රධාන වශයෙන් පශු සම්පත් වලට බලපාන අතර බලධාරීන් පවසා ඇත්තේ එය රටේ මහජන සෞඛ්‍යයට ඇති කරන අවදානම දැනට ඉතා අඩු මට්ටමක පවතින බවයි.
රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention – CDC) මෙම තත්වය විමර්ශනය කිරීම සඳහා Maryland සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කළා. HHS ප්‍රකාශක ඇන්ඩෲ නික්සන් පැවසුවේ එය එක්සත් ජනපදයේ හඳුනාගත්, වසංගතයෙන් බලපෑමට ලක් වූ රටක සංචාරක ආශ්‍රිත NWS myiasis රෝගයේ පළමු මිනිස් ආසාදනය බවයි.
සජීවී පටක පෝෂණය කරන විනාශකාරී පළිබෝධකය සාමාන්‍යයෙන් දකුණු ඇමරිකාවේ සහ කැරිබියන් දූපත් වල දක්නට පුළුවන්. එය උතුරට පැතිරීම නැවැත්වීමට ගත් උත්සාහයන් නොතකා, මෙක්සිකෝව ඇතුළු සෑම මධ්‍යම ඇමරිකානු රටකම දැන් රෝගීන් තහවුරු වී තිබෙනවා.
මිනිසුන්, විශේෂයෙන් විවෘත තුවාලයක් ඇති අය, ආසාදනයට ගොදුරු වීමේ අවදානමක් ඇති අතර, ඔවුන් එම ප්‍රදේශවලට ගමන් කරන්නේ නම් හෝ මැස්සන් සිටින ග්‍රාමීය ප්‍රදේශවල පශු සම්පත් අසළ සිටින්නේ නම් වැඩි අවදානමක් ඇති බව CDC පවසනවා.
USDA හි Animal and Plant Health Inspection Service පවසන්නේ, වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා අනෙකුත් කෘෂිකර්ම ආයතන, රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ Food and Agriculture Organization සමඟ හවුල් වී ඇති බවයි.
USDA ට අනුව NWS fly larvae (maggots) ජීවමාන සතෙකුගේ මස් තුළට හාරන විට, ඔවුන් සත්වයාට බරපතල, බොහෝ විට මාරාන්තික හානියක් සිදු කරනවා. NWS, පශු සම්පත්, සුරතල් සතුන්, වන සතුන්, ඉඳහිට පක්ෂීන් සහ දුර්ලභ අවස්ථාවන්හිදී මිනිසුන්ට ආසාදනය විය හැකියි.
Image Credit goes to by : https://www.nbcnews.com/