දකුණු ඕස්ට්‍රේලියාවේ මතභේදාත්මක junk food ads තහනම බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා.
මෙම තහනම මගින් Adelaide හි බස් රථ, දුම්රිය සහ ට්‍රෑම් රථවල හැම් වැනි processed meats ඇතුළු විවිධ junk foods ප්‍රදර්ශනය කිරීම තහනම් කරනවා.
Chocolate, lollies, confectionary, desserts, ice creams, soft drinks සහ chips ද මේ සමඟ ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇති අතර, මෙම පියවර ළමුන් සෞඛ්‍යයට අහිතකර ආහාර පාන වෙළඳ දැන්වීම්වලට නිරාවරණය වීම සීමා කිරීම සඳහා ගෙන තිබෙනවා.
ජූලි 1 වන දින මෙම තහනම හඳුන්වාදීමට පෙර මාස කිහිපය තුළ එය මතභේදයට තුඩු දුන් අතර, ඕස්ට්‍රේලියානු ජාතික දැන්වීම්කරුවන්ගේ සංගමය (Australian Association of National Advertisers) එය එරෙහිව අදහස් දැක්වූවා.
දකුණු ඕස්ට්‍රේලියාව පුරා වැඩිහිටියන්ගෙන් 63% ක් සහ ළමුන්ගෙන් 35% ක් පමණ අධි බර හෝ තරබාරු බව සහිත බව රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.
අඟහරුවාදා, Ms Martin පැවසුවේ රජය බුද්ධිමත් සහ අවශ්‍ය පියවරක් ගෙන ඇති බව සහ එය සාක්ෂි මගින් සනාථ කර ඇති බවයි. London සඳහා ද මීට සමාන සීමාවන් හඳුන්වා දීමෙන් පසු, සෞඛ්‍යයට අහිතකර ආහාර සහ පාන වර්ග සඳහා වූ ගෘහස්ථ මිලදී ගැනීම් සතියකට කැලරි 1000 කට වඩා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා” ඇය පැවසුවා.
Canberra, Amsterdam සහ New York වැනි අනෙකුත් නගර ද ඒ හා සමාන ප්‍රතිපත්ති අනුගමනය කර තිබෙනවා.
සෞඛ්‍යයට අහිතකර ආහාර නිසා වැඩිහිටි වියේදී සෞඛ්‍ය සම්පන්න බර ඉක්මවා අධි බර තත්ත්වයන්ට ලඟා වීමේ අවදානමක් ඇති අතර ජීවිතයේ පසුකාලීනව දෙවන වර්ගයේ දියවැඩියාව, ආඝාතය, හෘද රෝග හෝ පිළිකා 13 ක් වර්ධනය වීමේ අවදානමක් දරුවන් තුළ පවතිනවා.
ප්‍රමුඛ සෞඛ්‍ය ආයතනයක් දකුණු ඕස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන සේවාවල junk food ads තහනම් කිරීමට ගත් මතභේදාත්මක පියවරට පූර්ණ සහයෝගය දක්වා තිබෙනවා. “ඕස්ට්‍රේලියානු දරුවන් සෞඛ්‍යයට අහිතකර දේවල් වලින් ආරක්ෂා කිරීමට කාලය පැමිණ ඇති බව ඔවුන් පවසනවා.
NewsWire වෙත නිකුත් කළ නිවේදනයක Food for Health Alliance හි විධායක කළමනාකාරිනී Jane Martin පැවසුවේ දැන් ක්‍රියාත්මක වන මෙම තහනම ආහාර වේලට බලපාන අතර junk food ads වල බලපෑම අඩු කිරීමට එය උපකාරී වනු ඇති බවයි.
“ඕස්ට්‍රේලියාවේ වත්මන් food marketing rules බොහෝ දුරට ස්වේච්ඡාවෙන් සහ කර්මාන්තය විසින්ම පාලනය කරනු ලබනවා” යයි ඇය පැවසුවා. “ඒවා අකාර්යක්ෂම, නොගැලපෙන සහ හිඩැස්වලින් පිරී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, junk food ads, සමාජ මාධ්‍යවල, දැන්වීම් පුවරුවල, පොදු ප්‍රවාහනයේදී, ක්‍රීඩා වලදී ඔවුන් යන සෑම තැනකම ළමයින්ට බලපෑම් කරනවා. එය අපේ දරුවන්ගේ ජීවිතවලට බලපාන අතර එය දරුවන්ට අවශ්‍ය දේ, ඔවුන් තම දෙමාපියන්ට කරදර කරන්නේ කුමක් සඳහාද සහ අවසානයේ ඔවුන් කන දේ හැඩගස්වනවා.”