විවිධ රටවල විවිධ සංස්කෘතික පසුබිම් තුළ විවිධාකාරයේ ඉතිහාස කතා වැළලිලා තිබෙනවා. ඉතිහාස පොත්වල රජවරුන්ගේ සහ පාලකයින්ගේ නමින් සටහන් වුනු කතා වලට වඩා සාමාන්‍ය ජනයා තුල තිබූ ජීවිත කතා හාත්පසින්ම වෙනස්. මේ කියන්නෙත් එහෙම කතාවක් ගැන.
1970 දශකයේ මැද භාගයේ ඉන්දියාවේ මුහුද අසල පිහිටි නම් නොකළ නගරයක අභ්‍යන්තර හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. වැන්දඹු Dina Dalal ගේ කුඩා මහල් නිවාසයේ, තම ගමෙන් නගරයට බලහත්කාරයෙන් ගෙන එන ලද ඇඳුම් මසන්නන් වන Ishvar සහ Omprakash Darji සහ හිමාලය අසල කඳුකර ප්‍රදේශයක තරුණ ශිෂ්‍යයෙකු වන Maneck Kohlah, කටුක ලෙස නව ජීවිත ගොඩනඟමින් සිටින අතර, එය කිසිවෙකුට විස්තර කළ නොහැකි තත්වයන් යටතේ බැඳී තිබෙනවා.
Rohinton Mistry ගේ මේ විශිෂ්ඨ කෘතිය වන “A Fine Balance” 1996 දී Booker Prize එක සඳහා නිර්දේශ වුණා.
ඉන්දියාව තුළ පැවති කුල ක්‍රමය, කෲරත්වය සහ දූෂණය පිළිබඳ මේ කෘතිය හරහා සාර්ථකව ඉදිරිපත් කර තිබෙනවා. රටේ කැළඹිලි සහිත දේශපාලනයේ ඇදහිය නොහැකි භීෂණ තත්ත්වයන් මධ්‍යයේ වුවද මිතුරන් බවට පත්වන පුද්ගලයින් සිටින අතර එම මිත්‍රත්වය ඉතා ලස්සනට මේ පොත හරහා දිග හැරෙනවා.
අමානුෂික ලෝකයක මිනිසුන් කෙරෙහි ඇති ආදරය, කරුණාව පිලිබඳ මේ කතාව ඔයත් කියවා බලන්න.
Image Credit goes to by : https://share.google/dLEfv0pgAKCCOC8dr