මරණයක් ලියාපදිංචි කරන්න වැය වෙන මුදල දන්නවද?

  • Home
  • /
  • Blog
  • /
  • මරණයක් ලියාපදිංචි කරන්න වැය වෙන මුදල දන්නවද?

කලින් articles වලින් අපි ශ්‍රී ලංකාවෙන් පිටත දී ඉපදුණු දරුවෙකුගේ උප්පැන්න සහතිකය සහ පුරවැසි සහතිකය මෙහෙ සිටම හදාගන්න ආකාරය ගැන කතා කළා. ඊළඟට අපි කතා කලේ ලංකාවෙන් පිටත සිට මරණයක් ලියාපදිංචි කරන්නේ කොහොමද කියලා.

1981 අංක 04 දරන Sri Lanka Consular Functions පනතේ රෙගුලාසි යටතේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ/ ද්විත්ව පුරවැසියන්ගේ මරණ ලියාපදිංචි කිරීමට ඕස්ට්‍රේලියාවේ සිටින ඔබටත් පුළුවන්. මේ සඳහා මරණය පිළිබඳ තොරතුරු සපයන්නා මව, පියා, කලත්‍රයා, දරුවා හෝ සහෝදරයා විය යුතුයි.

ඒ සඳහා අයදුම් කරන ආකාරය, අයදුම්පත ලබාගන්න විදිහ සහ අවශ්‍ය සහය ලියකියවිලි මොනවද කියන එක ගැන කලින් articles වලින් කිව්වා. අද අපි බලමු මේකට අදාළ payment එක කරන විදිහ.

ගෙවීම

  1. මරණය ලියාපදිංචි කිරීම සඳහා – AUD 33
  2. මරණ සහතිකයේ පිටපතක් ලබා ගැනීම සඳහා 

AUD 64 – ශ්‍රී ලංකාවේ මරණය සිදුවී ලියාපදිංචි කර ඇත්නම් (අයදුම්පත සහතික කිරීම සඳහා)

AUD 33 (පිටපතකට) – ඕස්ට්‍රේලියාවේ මරණය සිදුවී මෙම කාර්යාලය හරහා ලියාපදිංචි කර ඇත්නම්

  1. මරණ සහතිකයට සංශෝධනය (ප්‍රකාශනය සහතික කිරීම සඳහා) – AUD 100

මෙම ගෙවීම කිරීමට යාමේදී ඔයා දැනගත යුතු තවත් වැදගත් කරුණු කිහිපයක් තමයි;

  • අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී ගෙවීම සිදු කළ යුතු අතර, රිසිට්පත ළඟ තබා ගත යුතුයි.
  • Debit Cards මගින් ගෙවිය යුතුයි. Tap & Pay පහසුකම නැහැ.
  • Personal/Company cheques, Credit Cards පිළිගන්නේ නැහැ.

ඔයා application එක තැපෑලෙන් ඉදිරිපත් කරනවා නම්, අදාළ ගාස්තුව “Consulate General of Sri Lanka in Melbourne” නමින් සඳහන් කරන ලද Postal Money Order (ඕස්ට්‍රේලියානු තැපැල්)/bank draft එකක් මගින් එවිය යුතුයි. 

ඔයාගේ අයදුම්පත සැකසූවාට පස්සේ රිසිට්පතේ ස්කෑන් කරන ලද පිටපත ඔයාට email එකක් මගින් එවනවා.

Don't forget to share this post!

Recent Posts

504
October 16, 2025