කෝච්චියෙන් ලෝකේ වටේ යන උතුරු කොරියානු නායකයෝ

  • Home
  • /
  • News
  • /
  • කෝච්චියෙන් ලෝකේ වටේ යන උතුරු කොරියානු නායකයෝ

අද පැවත්වූ චීන හමුදා පෙළපාළියට සහභාගී වීමට, උතුරු කොරියානු නායක Kim Jong Un චීන අගනුවර වන බීජිං වෙත පැමිණීම ලොව පුර අවධානයට ලක් වුණා.

බදාදා (අද) පැවැත්වූ “Victory Day” පෙළපාළියේදී Kim Jong Un, චීන ජනාධිපති Xi Jinping, රුසියාවේ Vladimir Putin සහ අනෙකුත් ලෝක නායකයින් සමඟ කරට කර සිටිනු දැකගත හැකි වුණා. මෙය ලෝකයේ අවධානය දිනු උතුරු කොරියානු නායකයාගේ පළමු බහුපාර්ශ්වික ජාත්‍යන්තර හමුව බවට පත් වීමත් විශේෂත්වයක්.

Kim අඟහරුවාදා චීනයට පැමිණියේ ඔහුගේ සන්නද්ධ දුම්රියෙන් වන අතර එයට අනර්ඝ අවන්හලක් ද ඇතුළත් බව පැවසෙනවා. ඔහු සඳුදා Pyongyang නුවරින් පිටත්ව ගිය නමුත් දුම්රියේ දැඩි ආරක්‍ෂක තත්ත්වය නිසා එය ගමන් කර තිබුනේ සෙමින්.

ඔහුගේ මෙම පැමිණීම 1959 න් පසු උතුරු කොරියානු නායකයෙකු චීන හමුදා පෙළපාළියකට සහභාගී වූ පළමු අවස්ථාව ලෙස සනිටුහන් වෙනවා. මෙලෙස ඔහු මියන්මාරය, ඉරානය සහ කියුබාවේ නායකයින් ඇතුළු තවත් රාජ්‍ය නායකයින් රැසක් අතරට එක වුණා.

මෙම හුදකලා නායකයා විදේශගත වන්නේ කලාතුරකින්. මෑතකදී ලෝක නායකයින් සමඟ ඔහුගේ සම්බන්ධතා පුටින්ට පමණක් සීමා වූ අතර, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ඔවුන් දෙවරක් මුණගැසී තිබෙනවා.

ඔහු අවසන් වරට බීජිං වෙත පැමිණියේ 2019 දී රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70 වන සංවත්සරය සනිටුහන් කරන උත්සවයක් සඳහායි. එම සංචාරයේදී ද ඔහු ගමන් කළේ දුම්රියෙන්.

දුම්රියෙන් ගමන් කිරීමේ සම්ප්‍රදාය ආරම්භ කරන ලද්දේ කිම්ගේ සීයා වන කිම් ඉල් සුං විසින්. ඔහු වියට්නාමයට සහ නැගෙනහිර යුරෝපයට දුම්රියෙන් චාරිකා කළා. කිම්ගේ පියා වන Kim Jong Il ද දුම්රියෙන් ගමන් කළ අතර ඔහු පියාසර කිරීමට බිය වූ බව වාර්තා වෙනවා.

දකුණු කොරියානු ප්‍රවෘත්ති ආයතනයකට අනුව, මෙම සන්නද්ධ දුම්රියේ සම්මන්ත්‍රණ ශාලා, ප්‍රේක්ෂක කුටි සහ නිදන කාමර ඇතුළුව මැදිරි 90 ක් පමණ තිබෙනවා.

දෙවන ලෝක යුද්ධයේදී ජපානය විධිමත් ලෙස යටත් වීමේ 80 වන සංවත්සරය සහ ගැටුමේ අවසානය සනිටුහන් කරන මෙම පෙළපාළියේ දී දස දහස් සංඛ්‍යාත හමුදා නිලධාරීන් බීජිං හි ඓතිහාසික Tiananmen චතුරශ්‍රය හරහා දැවැන්ත පෙළපාළියකින් ගමන් කළා.

චීනයේ නවතම අවි ආයුධ, ගුවන් යානා, ටැංකි සහ ඩ්‍රෝන් විරෝධී පද්ධති සිය ගණනක් ඇතුළුව එරට හමුදාවේ බල ව්‍යුහය සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනය කරන පළමු අවස්ථාව ද මෙයයි.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට විරුද්ධ වීම නිසා බොහෝ බටහිර නායකයින් පෙළපාළියට සහභාගී නොවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. 

නමුත් මෙය ඉන්දුනීසියාව, මැලේසියාව, මියන්මාරය සහ වියට්නාමය වැනි අසල්වැසි අග්නිදිග ආසියාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමට බීජිං දරන ඒකාබද්ධ උත්සාහයන් පිළිබඳ තවත් සාක්ෂියක්.

එක් යුරෝපා සංගම් නායකයෙකු පමණක් මේ සඳහා සහභාගී වීමට නියමිත බවයි පැවසුණේ. ඒ ස්ලෝවැක් අගමැති Robert Fico යි. බල්ගේරියාව සහ හංගේරියාව නියෝජිතයින් සහභාගී කරවන බව පැවසුණා.

 

 

 

Image Credit goes to by : https://commons.wikimedia.org/wiki/File:Kim_Jong_Un_June_19,_2024_2.png

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025