එක් දින ශූරයන්ගේ T20 ජය

  • Home
  • /
  • Sports
  • /
  • එක් දින ශූරයන්ගේ T20 ජය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර Harare හිදී පවතී පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන තිබූ අවස්ථාවකයි මෙම තරඟය පැවැත්වුණේ.

පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කදුළු 7ක් දැවී ලකුණු 175ක් රස කළා.

පන්දුවාර 19 යි එක් පන්දුවකදී කදුළු 6ක් දැවී ජයග්‍රාහී ලකුණු 177ක් රස කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරඟයේ වීරයා පන්දු 16කදී නොදැවී ලකුණු 41ක් රස කළ කමිදු මෙන්ඩිස්.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු 55ක වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කලේ පැතුම් නිස්සංක. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බ්‍රයන් බෙනට් පන්දු 57කදී ලකුණු 81ක් රැස් කළා.

දෙරට අතර දෙවන T20 තරඟය සැප්තැම්බර් 6 සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.

 

Image credit: https://www.espncricinfo.com/ 

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025