විරෝධතා හමුවේ PR ගැන රජයේ තීන්දුව

  • Home
  • /
  • News
  • /
  • විරෝධතා හමුවේ PR ගැන රජයේ තීන්දුව

මෙම මූල්‍ය වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව වෙනස් නොවන බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

2025-26 දී permanent visas 185,000 ක් ලබා ගත හැකි අතර, එය 2024-25 කාලයට සමාන අනුපාතයකින් skilled workers සහ වත්මන් පදිංචිකරුවන්ගේ පවුල් අතර බෙදා තිබෙනවා.

neo-Nazi වරුන් විසින් රටපුරා පැවැත්වූ සංක්‍රමණ විරෝධී විරෝධතා හමුවේ මෙම තීරණය ගෙන ඇති අතර, ඊයේ අගමැති ඇන්තනි ඇල්බනීස් පැවසුවේ එය “ඕස්ට්‍රේලියානු ක්‍රමය නොවේ” යනුවෙනි.

Permanent migration program එක බොහෝ දුරට රට තුළ දැනටමත් පදිංචිව සිටින අයට වීසා ලබා දෙනවා. ඒ නිසා එය සෘජුවම net migration එකට බලපාන්නේ නැහැ. එය බොහෝ දුරට ජාත්‍යන්තර සිසුන් වැනි තාවකාලික සංක්‍රමණිකයන්ගේ ගලා ඒම සහ පිටතට ගලායාම මගින් හැඩගැසී තිබෙනවා.

නමුත් හිටපු ලිබරල් නායක Peter Dutton පසුගිය ෆෙඩරල් මැතිවරණයට ගියේ ස්ථිර සහ තාවකාලික වැඩසටහන් දෙකම කප්පාදු කිරීමට අදහස් කරන බව පවසමින්. ඒ 2025-26 සඳහා 140,000 ක ස්ථිර අගයක් පොරොන්දු වෙමින්. නමුත් කම්කරු පක්ෂය තම ධූර කාලය පුරාම මෙය ස්ථාවරව තබා ගෙන ඇති අතර, එය 2022-23 දී 195,000 ක්, 2023-24 දී 190,000 ක් සහ පසුගිය වසර දෙක තුළ 185,000 ක් වශයෙන් වුණා.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025