ලාංකීය රස මෙල්බර්න් වෙත ගෙනෙන Mr Hoppers

  • Home
  • /
  • Blog
  • /
  • ලාංකීය රස මෙල්බර්න් වෙත ගෙනෙන Mr Hoppers

මෙල්බර්න්, CBD හි පිහිටා ඇති ශ්‍රී ලංකාවේ විශිෂ්ට රස ඔබට ගෙනෙන රසවත් තැනක් ගැනයි මේ කියන්න හදන්නේ. 

ශ්‍රී ලාංකික අහාර කලාවේ සුවිශේෂීත්වයක් ගන්න වගේම බොහෝ දෙනා ප්‍රිය කරන කෑමක් තමයි ආප්ප. ඉතින් නොමැකෙන මේ ශ්‍රී ලාංකික රස ඔබට ගෙනෙන ‘Mr Hoppers’ ගැනයි මේ කියන්නේ.

සාමාන්‍ය ආප්ප, බිත්තර ආප්ප වගේම gluten-free, lactose-free, සහ vegan-friendly ආප්පත් මෙහිදී ආප්ප කලාවට එකතු වෙනවා. ආප්ප විතරක් නෙවෙයි තවත් රසවත් ශ්‍රී ලාංකික කෑම වර්ග ගොඩක්ම මෙහිදී රස බලන්න පුළුවන්.

Starters විදිහට Hot Butter Cuttlefish, Spicy Chillie Prawns, Seasonal Wedges, Crumbed Formed Calamari Rings, Chicken Nuggets ලබා ගන්න පුළුවන්. 

ඒ වගේම මෙයාලගේ Breakfast මෙනු එකෙන් Chicken, Fish, Pork Curry සහ කට්ට සම්බෝල, පොල් සම්බෝල සමග පොල් රොටි, රොස්ට් පාන් වැනි බොහෝ දේ රස බලන්න පුළුවන්.

Lunch & Dinner මෙනු එකෙන් Devilled Chicken/Pork සමග Fried Rice, Mixed Seafood Fried Rice, Sri Lankan-Style Crab Fried Rice, Chicken Fried Rice, Egg Fried Rice, Vegetable Fried Rice වගේම Chicken/ Lamb Biriyani, Vegetable Biriyani, Seafood Nasi Goreng සහ Sri Lankan Classic Kottu ඇතුළු තවත් ඔයා කැමතිම කොත්තු වර්ග ගොඩක් මෙහිදී රස විඳින්න පුළුවන්.

ඒ වගේම Mr Hoppers එකෙන් ඔයාට ශ්‍රී ලාංකික රස පිරුණු curries සමග egg, milk, omelets, cheese ආප්ප රස බලන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලාංකික පැණි ආප්පත් මෙහෙ තියෙනවා.

Desserts විදිහට වටලප්පන්, කිරි පැණි ආදිය වගේම Choc Hazelnut Hopper, Lotus Biscoff Hopper, Frozy Ice Cream Hopper, Sri Lankan Jaggery Hopper, Classic Choc Hopper වගේ Dessert Hoppers රස බලන්නත් පුළුවන්.

ඔයා ආස කරන මාළු පාන්, සීනි සම්බෝල bun, කිඹුලා බනිස්, බිත්තර රෝල්ස්, රොස්ට් පාන් වගේ ගොඩක් දේවල් Snacks සහ Short eats විදිහට ගන්න පුළුවන්. 

රිබන් කේක්, චොකලට් කේක්, බටර් කේක්, බිබික්කන් වගේ කේක් වර්ගත් මෙයාලගේ menu එකේ තියෙනවා.

Birthday celebration, corporate event, get-together වගේ ඔයාගේ ඕනෑම විශේෂ අවස්ථාවක් සඳහා මෙහි ඉඩක් වෙන් කරගන්න පුළුවන්. අමුත්තන් 35 දෙනෙකුට පමණ සහභාගී වෙන්න ඉඩකඩ තිබෙනවා. 

ඉතින් රසවත් ආහාර සමග ඔයාගේ විශේෂ දවස් සමරන්නත් සුවිශේෂ වූ ශ්‍රී ලාංකික රසයන් රස බලන්නත් ඔයා ‘Mr Hoppers’ වෙත එන්න.

Open Hours

Sun: 12.00 pm – 09.00 pm

Mon- Sat: 11.00 am – 11.00 pm

 

Location

303, Exhibition Street,

Melbourne 3000

 

Reservation

(03) 7046 0835

 

Website

https://mrhoppers.com.au/

 

Image credit: https://www.facebook.com/p/Mr-Hoppers-61550595129876/ 

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025