බ්‍රිස්බේන් නගරයේ උතුරු ප්‍රදේශයේ ඇති වූ හදිස්සි තත්වයක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට නිවෙස් වලින් පිටතට නොයන ලෙස අනතුරු අඟවා තිබුණා.
ගිනිකොනදිග ක්වීන්ස්ලන්තයේ Gympie අසල පවතින හදිසි අවස්ථාවකට පොලිසිය ප්‍රතිචාර දක්වන අතරතුරයි මෙලෙස නිවැසියන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස අනතුරු අඟවා ඇත්තේ.
Southside නගරයේ නිවසක් තුළ පුද්ගලයෙකු තමාවම සිරකරගෙන සිට ඇති බව පොලිස් ප්‍රකාශකයෙක් පැවසුවා.
ඒ අනුව මහජන ආරක්ෂක සංරක්ෂණ පනත යටතේ පොලිසිය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබුණා.
“Helen St, Kesteven Drive, Grant St, සහ Andrea Ave පදිංචිකරුවන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස ඉල්ලා සිටින අතර එම ප්‍රදේශයෙන් වැළකී සිටින ලෙස මහජනතාවට උපදෙස් දෙනු ලබනවා.” යනුවෙන් ප්‍රකාශකයා පැවසුවා. “විශේෂඥ පොලිසිය පැමිණ සිටිනවා.”
බදාදා දහවල් 1.35 ට පමණ බ්‍රිස්බේන් සිට 170km ක් උතුරින් පිහිටි Southside හි Helen වීදියේ නිවසකටයි මෙලෙස හදිසි සේවා කැඳවන ලද්දේ.
සාක්ෂිකරුවෙකු The Courier Mail වෙත පවසා තිබුනේ Helen වීදිය දිගේ පොලිස් වාහන කිහිපයක් නවතා තිබූ අතර, උපායශීලී ආම්පන්නවලින් සැරසුණු නිලධාරීන් එම ස්ථානයේ රැදී සිටි බවයි.