ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන කෙටුම්පතක්

  • Home
  • /
  • News
  • /
  • ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන කෙටුම්පතක්

ස්විට්සර්ලන්තයේ ජිනීවාහී දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැසි සැසිවාරය පසුගිය 08 වනදා ආරම්භ වූණා.

මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, මලාවි, මොන්ටිනීග්‍රෝ සහ උතුරු මැසිඩෝනියා රටවල අනුග්‍රාහකත්වය ඇතිව මෙවර පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ 60 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් කෙටුම්පත් කෙරෙනවා.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධව එක්සත් රාජධානියේ මානව හිමිකම් තානාපති එලිනෝර් සැන්ඩර්ස් මහත්මිය විසින් මෙවර සැසිවාරයට ප්‍රකාශයක් ද නිකුත් කළා.

ශ්‍රී ලංකාව තුළ මෑතක දී හමුවූ සමූහ මිනීවලවල් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම ඉතා වැදගත් වන අතර එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුකළ යුතු බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකර මූලික නිදහස සීමා කිරීම සඳහා නීතී අඛණ්ඩව භාවිතා කිරීම පිළිබඳ කනස්සල්ල පළකරන බවත් එම ප්‍රකාශය හරහා එක්සත් රාජධානිය පෙන්වා දී තිබෙනවා.

මෙම ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග ඵලදායී ලෙස කටයුතු කිරීමට ඇති කැමැත්ත නැවතත් තහවුරු කරන බවත් ඔවුන් වැඩිදුරටත් පැවසුවා. 

එක්සත් රාජධානියේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කුමාර් අයියර් විසින් කරන ලද ප්‍රකාශයකින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ පැමිණීමට සිය ස්තූතිය පළකර තිබෙනවා. ඒ වගේම මානව හිමිකම්, වගවීම, සංහිදියාව, යහපාලනය සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පිළිබඳ ඇති කැපවීම අර්ථවත් ක්‍රියාමාර්ග බවට පත්කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව ද ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

සැසිවාරයේදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ මෙරට තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනය කිරීම සඳහා යෝජනා කරන ඕනෑම ආකාරයේ බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවයි.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025