හෙට පිටියට යන අසලංක නිදිමතේ කියපු කතාව

  • Home
  • /
  • Sports
  • /
  • හෙට පිටියට යන අසලංක නිදිමතේ කියපු කතාව

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් සියලුම කණ්ඩායම් වල නායකයින් එක් වූ මාධ්‍ය හමුවක් පසුගිය දා පැවැත්වුණා. 

එහිදී අදහස් දක්වූ ශ්‍රී ලංකා නායක චරිත අසලංක පැවසුවේ මේ පිටත පවතින දැඩි රස්නය නිසා තරඟාවලිය තුල යෝග්‍යතාව පවත්වා ගැනීම ඉතා වැදගත් බවයි.

මාධ්‍ය වේදියෙකු විසින් යොමු කල ප්‍රශ්නයකට සියලු දෙනා සිනා ගන්වමින් ඔහු ලබා දුන් අපූරු පිළිතුරක් ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබුණා.

“මට දැන් හරි නිදිමතයි. මන් හිතන්නේ මන් මේ ප්‍රශ්නයට පිළිතුරු හෙට ලබා දිය යුතුයි කියලයි” 

කණ්ඩායමේ තත්ත්වය ගැන වැඩි දුරටත් පැහැදිලි කරමින්, සිමබාබ්වෙහිදී තරඟ කිහිපයක් ක්‍රීඩා කර කෙලින්ම මෙහි පැමිණි නිසා තමන්ට සහ කණ්ඩායමට හොඳ විවේකයක් අවශ්‍ය බව ද ඔහු පැවසුවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් තරඟ කාලසටහන පවා වෙනස් කිරීම් වලට ලක් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය බංගලාදේශය සමග Sheikh Zayed Stadium හිදී සෙනසුරාද (හෙට) පැවැත්වෙනවා.

මේ අතර ප්‍රතිවාදී බංගලාදේශ කණ්ඩායම බ්‍රහස්පතින්දා(ඊයේ) හොංකොං සමග පැවති තරඟය කදුළු 7කින් ජය ගැනීමට සමත් වුණා.

 

 

Image credit: https://www.freepressjournal.in/ 

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025