විශිෂ්ට ජයකින් පසු පිටියට එන ශ්‍රී ලංකාව

  • Home
  • /
  • Sports
  • /
  • විශිෂ්ට ජයකින් පසු පිටියට එන ශ්‍රී ලංකාව

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ B කාණ්ඩය යටතේ සිය පළමු තරඟය ක්‍රීඩා කරමින් විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (සඳුදා) නැවත පිටියට පිවිසෙනවා. ඒ හොං කොං කණ්ඩායමට එරෙහිවයි. එම තරඟය අද ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. මෙය ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් වැදගත් තරඟයක් වෙනවා.

බංගලාදේශයට එරෙහිව පසුගිය සෙනසුරාද පැවති තරඟය ජයග්‍රහණය කිරීමෙන් පසු ප්‍රසාද ලකුණු සටහනේ 2වන ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වුණා. එහි පළමු ස්ථානයේ රැදී සිටින්නේ ඇෆ්ගනිස්තානයයි.

එහිදී කඩුළු 6ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට බංගලාදේශයට ආරාධනා කල අතර ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 139ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4ක් දැවී පන්දු 25ක් අතැතිව ලකුණු 140ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කළා. 

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල පැතුම් නිස්සංක පන්දු 34කදී ලකුණු 50ක් ලබා ගනිමින් T20 ලකුණු 2000 සීමාව පසුකළ 3වෙනි ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් අතරට එක් වුණා.

මේ අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ යුධ ගැටුම් වලින් පසු දෙරට අතර පැවති පළමු තරඟය ඉරිදා (ඊයේ) පැවැත්වුණා. එහිදී පකිස්තානයට එරෙහිව කඩුළු 7ක ජයක් ලබන්නට ඉන්දියාව සමත් වුණා.

Image credit: https://www.espncricinfo.com/ 

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025