හොං කොං කණ්ඩායමට එරෙහිව තියුණු ජයක්

  • Home
  • /
  • Sports
  • /
  • හොං කොං කණ්ඩායමට එරෙහිව තියුණු ජයක්

2025 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වූ  තරඟය සඳුදා (ඊයේ) ඩුබායි හි දී පැවැත්වුණා. එහිදී කදුළු 4ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කල අතර ඒ අනුව පිටියට පිවිසි හොං කොං කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 149ක් රැස් කළා.

ලකුණු 150ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපුරුදු පරිදි පැතුම් නිස්සංක විශිෂ්ඨ ලකුණු 68ක් රැස් කළා. තරඟය තීරණාත්මක මොහොතක පැවතියදී පිටියට පිවිසි වනිදු හසරංග පන්දු 9කට ලකුණු 20ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 7ක් පමණක් ඉතිරිව තිබියදී කඩුළු 6ක් දැවී ලකුණු 153ක් රැස් කිරීමට සමත් වුණා.

එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ කරා පැමිණ තිබෙනවා.

B කාණ්ඩයේ අවසන් තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරඟය මෙම බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතයි.

Image Credit: https://www.outlookindia.com

Don't forget to share this post!

Recent Posts

382
September 16, 2025