මේ Fiona Stanley රෝහලේ gaming addiction clinic එක. රට තුල මෙවැනි සායනයක් ආරම්භ වූ පළමු අවස්ථාව තමයි මේ. 2022 දී එය විවෘත කරපු දවසේ සිට රෝගීන් 300 ක් පමණ ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.
පර්යේෂකයන් පවසන්නේ ඕස්ට්‍රේලියානුවන් මිලියන භාගයක් පමණ gaming addiction තත්ත්වයක් අත්විඳින බවයි.
මෙම ප්‍රමුඛ සායනය වෛද්‍යවරුන්, රෝහල් සහ පාසල් වලින් යොමු කිරීම් ලබා ගන්නා අතර, බොහෝ රෝගීන් වයස අවුරුදු 15 සිට 19 දක්වා වයස්වල පසු වෙන අය.
Dr Daniela Vecchio යනු Fiona Stanley මානසික සෞඛ්‍ය අංශයේ මනෝචිකිත්සකවරියක් සහ සේවා ප්‍රධානියා වන අතර, ඇය පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ක්‍රීඩා ආබාධය හඳුනාගෙන ඇති බවයි.
“මෙම සායනය ස්ථාපිත කරන ලද්දේ gaming සඳහා අධික කාලයක් සහ අවධානයක් යොමු කිරීමෙන් ජීවිත අඩපණ කරගත් රෝගීන් සහ ඔවුන්ගේ පවුල් ද එහි ප්‍රතිවිපාකවලින් විනාශයට පත් වූ බව අපි දුටු නිසා” යයි වෛද්‍ය Vecchio පැවසුවා.
“රෝගීන් තම පවුල්වලින් වෙන් වීමට පටන් ගන්නවා. ඔවුන් පාසල් යන්නේ නැහැ. ඔවුන් රැකියාවට යන්නේ නැහැ. ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට බලපෑම් ඇති වන අතර එමඟින් ඔවුන්ට කෝපය, මානසික අවපීඩනය, කාංසාව ඇති විය හැකියි. ඔවුන්ගේ හැසිරීම් වෙනස් වෙන්න ගන්නවා වගේම යම් දෙයක් එපා කිව්ව විට ඔවුන් තරමක් කලහකාරී වෙනවා”
මනෝ විද්‍යාඥයින්, ළමා හා නව යොවුන් වියේ මනෝවිද්‍යාඥයින් සහ ළමා වෛද්‍යවරුන් යොදා ගනිමින්, රෝගීන් සෙමෙන් නිතිපතා ක්‍රියාකාරකම්වලට නැවත සම්බන්ධ කිරීමට කටයුතු කරනවා.
ප්‍රතිකාර වැඩසටහනේ කොටසක් ලෙස ඔවුන් අධ්‍යාපනයට හෝ රැකියාවට යොමු කිරීම සඳහා දේශීය TAFE සමඟ වැඩ කිරීම වගේම ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා මුළු පවුලම සම්බන්ධ කර ගැනීමත් සිදු වෙනවා.
“අපි පවුල් සමඟ කළ යුතු ක්‍රියාකාරකම් නියම කරනවා. නැත්නම් අපි ශාරීරික ක්‍රියාකාරකම් නියම කරනවා. අපි පුද්ගලයා සමඟ පමණක් නෙවෙයි, සමස්ත පද්ධතිය සමඟම වැඩ කරනවා. අපි සැඟවී පවතින තත්වයන්ට ද ප්‍රතිකාර කරනවා.” වෛද්‍ය Vecchio පැවසුවා.