වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා පැමිණෙන සමාජ මාධ්‍ය තහනම යටතේ Social media platforms වලට තම වයස ප්‍රකාශ කිරීම සම්බන්ධව පරිශීලකයින් මතම පමණක් විශ්වාසය තැබිය නොහැකි නිසා, බාලවයස්කරුවන් apps වෙත ප්‍රවේශ වීම වැළැක්වීමට විශේෂ ප්‍රවේශයක් ගැනීමට සිදු වෙනවා.
දෙසැම්බර් 10 වන දින සිට මෙම තහනම ආරම්භ වීමට නියමිත අතර, සන්නිවේදන අමාත්‍ය Anika Wells විසින් platforms, නීතිවලට අනුකූල වීම හෝ ඩොලර් මිලියන 49.5 ක් දක්වා මූල්‍ය දඬුවම් වලට ලක් විය යුතු බව නිවේදනය කර තිබෙනවා.
platforms මඟින්, පවතින බාල වයස්කාර ගිණුම් හඳුනාගෙන අක්‍රිය කිරීමට හෝ ඉවත් කිරීමට සහ බාල වයස්කාර පරිශීලකයින් නැවත ලියාපදිංචි වීම හෝ නීති උල්ලංඝනය කිරීම වැළැක්වීමට පියවර ගැනීමට අපේක්ෂා කෙරෙනවා.
දෝෂ ඇති වීම අඩු කිරීම සඳහා පියවර කිහිපයක ප්‍රවේශයක් හරහා මෙය සිදු කළ යුතු අතර, verification process එකේදී පරිශීලකයින්ට විකල්ප ලබා දිය යුතුයි. එහිදී ඔවුන්ගේ උපන්දිනය ඇතුළත් කිරීමට පමණක් පරිශීලකයා මත විශ්වාසය තැබිය නොහැකියි.
නීති මගින් නිශ්චිත age-verification method එකක් ක්‍රියාත්මක නොකරන අතර, නව යොවුන් වියේ පසුවන්නන්ගේ වයස සත්‍යාපනය කිරීම සඳහා රජය විසින් නිකුත් කරන ලද හැඳුනුම්පතක් ඉල්ලා සිටීම පමණක් සිදු කිරීමට platforms වලට පැහැදිලිවම තහනම් කර තිබෙනවා. කෙසේ වෙතත් විකල්ප ක්‍රමයක් සමඟ භාවිතා කරනවා නම් එම platforms වලට හැඳුනුම්පතක් ඉල්ලා සිටින්න පුළුවන්.
මේ Apps වලට බාල වයස්කාර පරිශීලකයින් අතිරේක App එකකට හෝ වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා නිර්මාණය කරන ලද විශේෂිත Platform එකකට මාරු කළ හැක්කේ ඔවුන් එසේ කිරීමට ඔවුන්ගේ කැමැත්ත පැහැදිලිව ලබා දෙන්නේ නම් පමණයි.