TikTok වෙනස් වෙයිද? තහනම් වෙයිද?

  • Home
  • /
  • Entertainment
  • /
  • TikTok වෙනස් වෙයිද? තහනම් වෙයිද?

ලොව විශාලතම ආර්ථිකයන් දෙකක් වන චීනය සහ ඇමරිකාව අතර TikTok හි හිමිකාරිත්වය සම්බන්ධයෙන් වන සාකච්ඡා පැවැත්වුණා.

Madrid හි පැවති සාකච්ඡාවලදී framework එක සකස් කරන ලද බව එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ලේකම් Scott Bessent සඳුදා ප්‍රකාශ කළා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන නායක ෂී ජින් පිං සිකුරාදා ගනුදෙනුව සම්පූර්ණ කරනු ඇති බවයි ඔහු පවසන්නේ.

ට්‍රම්ප් Truth Social හි පැවසුවේ සාකච්ඡා ඉතා හොඳින් සිදු වූ බවයි. චීනය framework agreement එකක් තහවුරු කළ නමුත් ඔවුන්ගේ සමාගම්වල අවශ්‍යතාවලට හානි කරමින් කිසිදු ගනුදෙනුවක් සිදු නොකරන බවත් පැවසුවා.

TikTok හි චීන හිමිකරුට US operations සඳහා ගැනුම්කරුවෙකු සොයා ගැනීමට හෝ ජාතික ආරක්ෂක ගැටළු හේතුවෙන් රට තුළ තහනමකට මුහුණ දීමට බදාදා දිනය අවසාන දිනය වෙනවා.

එතැන් සිට විකිණීම සඳහා වන අවසාන දිනය දැනටමත් තුන් වතාවක් දීර්ඝ කර ඇති අතර නවතම දිනය සැප්තැම්බර් 17 වන දිනට යෙදී තිබුණා.

වොෂින්ටනය සහ බීජිං අතර ගනුදෙනුවක් තීරණය කෙරුණොත්, එක්සත් ජනපදයේ TikTok මෙහෙයුම් දිගටම කරගෙන යාමට ඉදිරිපත් වන සමාගම් සමූහයක් අතර Oracle ද සිටින බව BBC හි ඇමරිකානු හවුල්කරු CBS සඳුදා වාර්තා කර තිබුණා.

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025