රටවල් 3ක ඉරණම විසඳමින් තියුණු ජයක් ශ්‍රී ලංකාවට

  • Home
  • /
  • Sports
  • /
  • රටවල් 3ක ඉරණම විසඳමින් තියුණු ජයක් ශ්‍රී ලංකාවට

ඇෆ්ගනිස්තානය, බංගලාදේශය, සහ ශ්‍රී ලංකාව අතරින් අවසන් සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් 2 තීරණය වන තීරණාත්මක තරඟය ඊයේ අබුඩාබි හි දී පැවැත්වුණා. 

එහිදී කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්තානුවන් කදුළු 8ක් දැවී ලකුණු 169ක් රැස් කළා. එරට වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ මොහොමඩ් නබි ලකුණු 60ක් රැස් කළා. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණු නුවන් තුෂාර ලකුණු 18කට කදුළු 4ක් දවා ගත්තා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව වුණු පැතුම් නිස්සංක ලකුණු 6කට දැවී යද්දී වගකීම කරට ගත් කුසල් මෙන්ඩිස් පන්දු 52කදී ලකුණු 74ක් රැස් කරමින් ජයග්‍රහණයේ ඉනිමක් ක්‍රීඩා කළා.

ඇෆ්ගනිස්තානය ජයග්‍රහණය කළද තරඟයේ රැඳී සිටීමට අවශ්‍ය NRR අගය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව අවම ලකුණු 101ක් රැස් කළ යුතුව තිබුණා. ප්‍රසාද ලකුණු සටහනේ Qualified  ලෙස සටහන් කරමින් ලකුණු 101 සීමාව පසු කළ ශ්‍රී ලංකාව ඉතා තියුණු ලෙස ජයග්‍රාහී ලකුණු 171, පන්දු 8ක් ඉතිරිව තිබියදී කඩුළු 4ක් පමණක් දැවී රැස් කර ගත්තා. 

ඒ අනුව B කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම සහ ප්‍රසාද ලකුණු 4ක් ලබා දෙවැනි තැන රැඳී සිටින බංගලාදේශ කණ්ඩායම සුදුසුකම් ලැබුවා. ඊයේ තරඟයෙදී ශ්‍රී ලංකා කණ්ඩායමට සහය දක්වන බංගලාදේශ ප්‍රේක්ෂකයන් ප්‍රේක්ශාකාගාරය තුළ දකින්නට ලැබුණා.

ඒ අනුව අවසන් පූර්ව වටයේදී ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, සහ බංගලාදේශය තරඟ වැදීමට නියමිතයි.

සුපිරි 4 දෙනගී වටයේ පළමු තරඟය ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර හෙට (සෙනසුරාද) පැවැත්වීමට නියමිතයි.

තවමත් පැතුම් නිස්සංක තරඟාවලියේ වැඩිම මුළු ලකුණු ලාභියා ලෙස රැඳී සිටින අතර තරඟයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන්නේ ඊයේ තරඟයේදී ලකුණු 74ක් රැස් කළ කුසල් මෙන්ඩිස්. පැතුම් නිස්සංක මෙහි 4වන ස්ථානයේ රැඳී සිටිනවා. තරඟාවලියේ වැඩිම 4 පහර සංඛ්‍යාවක් රස් කළ ක්‍රීඩකයා ලෙස පැතුම් නිස්සංක එලෙසම 1වන ස්ථානයේ රැඳී සිටිද්දී එහි 2වන ස්ථානයට පැමිණීමට කුසල් මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

ඒ වගේම මෙතෙක් පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ නුවන් තුෂාර තරඟාවලියේ වැඩිම කඩුළු ලාභීන් අතර සිව්වැනි තැනට සහ දුෂ්මන්ත චමීර එහි 5වන තැනට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් ලැබූ ජයග්‍රහණය සමරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට පිටිය වෙතටම ඉතා අවාසනාවන්ත පුවතක් පැමිණියා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේගෙ පියා හදිසි හෘදයාබාධයක් නිසා මෙලොවින් සමුගත් බවයි. මේ වෙනුවෙන් ලොව ක්‍රීඩකයින් සහ පේක්ෂකයින් රැසක් සිය කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

Image credit: https://www.cricketbazaar.com/ 

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025