ප්‍රවේශමෙන්! සරම්ප රෝගය හැම තැනම පැතිරෙයි.

  • Home
  • /
  • Blog
  • /
  • ප්‍රවේශමෙන්! සරම්ප රෝගය හැම තැනම පැතිරෙයි.

Gold Coast හි ඉතා ඉක්මනින් බෝවන සරම්ප රෝගය අනාවරණය වී ඇති අතර, ක්වීන්ස්ලන්තයේ රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට ලක් වී තිබෙනවා.

ඈත උතුරු ක්වීන්ස්ලන්තයේ Cairns හි නව රෝගීන් අනාවරණය වී දිනකට පසු, ක්වීන්ස්ලන්ත සෞඛ්‍යය අංශ Gold Coast සඳහා ද අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

මෑතකදී Bali සිට ආපසු පැමිණි වැඩිහිටියෙකු පසුගිය සතිය තුළ Gold Coast පුරා ජිම්, සාප්පු සහ රසායනඥයින් බැලීමට ගොස් ඇති අතර ඒ හරහා රෝගය නොදැනුවත්වම බෝ වී තිබෙනවා.

තවදුරටත් උතුරට වෙන්නට, අගෝස්තු 1 දින සිට Cairns සහ Hinterland සෞඛ්‍ය සේවය විසින් රෝගීන් නව දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

සරම්ප හෙවත් Measles යනු නියුමෝනියාව, මොළයේ දැවිල්ල සහ මැද කණ ආසාදන ඇති කළ හැකි උග්‍ර, ඉතා ඉක්මනින් බෝවන වෛරස් රෝගයක්.

එය ප්‍රධාන වශයෙන් වයස අවුරුදු 5 ට අඩු දරුවන්ට මාරාන්තික විය හැකි අතර නිදන්ගත රෝගයකින් පෙළෙන පුද්ගලයින්ට දැඩි සංකූලතා ඇති කිරීමේ අවධානමක් තිබෙනවා.

ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිනී Catherine McDougall පැවසුවේ මෙම අවස්ථා සියල්ලම විදේශ සංචාරවලින් ආපසු පැමිණි පුද්ගලයින්ට සම්බන්ධ බවයි.

වෙනත් රටවල් ගණනාවක සරම්ප පැතිරෙමින් පවතින නිසා ඔබ මෑතකදී විදේශයක සිට ආපසු පැමිණි අයෙක් හෝ විදේශ සංචාරකයෙකු සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වා ඇති අයෙක්නම්, උණ හෝ ශ්වසන රෝග ලක්ෂණ ඇති වුවහොත්, කරුණාකර ඔබේ වෛද්‍යවරයා හමුවීමට කටයුතු කරන ලෙස ඇය තවදුරටත් උපදෙස් ලබා දුන්නා.

සරම්ප රෝග ලක්ෂණ අතර උණ, තෙහෙට්ටුව, කැස්ස සහ නාසයෙන් දියර ගැලීම හෝ ඇස් ඉදිමීම ඇතුළත් වන අතර එය දින තුනක් ඇතුළත වඩාත් දරුණු විය හැකියි.

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍යය බලධාරීන් පවසන ආකාරයට අනුව, rash එක ඇතිවීමට දින පහකට පෙර පමණ සහ අනෙකුත් රෝග ලක්ෂණ පෙනෙන්නට දින 10 ක් පමණ කාලයකට පෙර රෝගය මිනිසුන්ට බෝ විය හැකි බවයි.

“සරම්ප එන්නත ලබාගෙන නොමැති හෝ ඔවුන්ගේ එන්නත් තත්ත්වය පිළිබඳව සැකයක් ඇති ඕනෑම අයෙකුට, විශේෂයෙන් විදේශගත වීමට සැලසුම් කරන අයට, ඔවුන්ගේ වෛද්‍යවරයා හෝ සෞඛ්‍ය සේවා සපයන්නා සමඟ හමුවීමක් වෙන්කරවා ගන්නා ලෙස අපි ඉල්ලා සිටිනවා.”

Southport Community Centre එකේ සඳුදා සහ Surfers Paradise Transit Centre එකේ අඟහරුවාදා නොමිලේ ප්‍රතිශක්තිකරණ සායනයක් විවෘත කෙරෙනවා.

ක්වීන්ස්ලන්තය සහ නිව් සවුත් වේල්ස් අතර මායිමට දකුණින් පිහිටි Tweed Valley Hospital එකෙන්ද සැප්තැම්බර් 15 වන සඳුදා තවත් සරම්ප රෝගයක් අනාවරණය වී තිබෙනවා.

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025