අඩුම වියදමකින් ගිහින් එන්න යුරෝපා රටක්

  • Home
  • /
  • Blog
  • /
  • අඩුම වියදමකින් ගිහින් එන්න යුරෝපා රටක්

වෙනත් රටකට Travel කරන්න හිතන ගොඩක් දෙනෙක් budget එක ගැන සැලකිලිමත් වෙනවා. ඉතින් අද අපි කියන්න හදන්නේ ඔයාට අඩු මුදලකින් travel කරන්න පුළුවන් European country එකක් ගැන. 

මේක travel destination එකක් විදිහට ගොඩක් දෙනෙක්ගේ අවධානයට ලක් වෙන්නේ නැති රටක්. ඒ නිසා ඔයත් කවදාවත් මේ රටට travel කරන්න හිතලා නැතුව ඇති. කවුරුත් වැඩිය අවධානය දෙන්නේ නැති වුණත් අවම වියදමකින් වෙනස්ම අත්දැකීමක් ගන්න පුළුවන් මේ European country එක තමයි බල්ගේරියාව.

බල්ගේරියාව වැදගත් වෙන්නේ අඩු වියදමක් යන රටක් නිසා විතරක්ම නෙවෙයි. මේ රටේ සංස්කෘතිය, ඉතිහාසය මේ හැම දෙයක්ම වෙනස්ම වූ අත්දැකීමක් නිර්මාණය කරනවා. 

ප්‍රධාන සංචාරක ගමනාන්තයක් බවට පත්වීමට අවශ්‍ය සෑම දෙයක්ම වගේ බල්ගේරියාව සතුව තිබෙනවා. ඒ වුණත් එහි high season එකේදී පවා වැඩිය සංචාරකයන් දැකගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයා ගොඩක් කාර්යබහුල නැති තැනකට කැමතිනම් වගේම අගෝස්තු මාසයේදී බටහිර යුරෝපයේ දකින්නට ලැබෙන අධික සෙනඟගෙන් පීඩාවට පත් වුනොත් බල්ගේරියාව ඔයාට හොඳ විසඳුමක් වේවි.

ඔයා ගොඩක් අඩු වියදමකින් සංචාරය කරන්න හිතන කෙනෙක් නම් බල්ගේරියාවේ Backpacker Budget එක දවසකට USD 40 ක් වගේ තමයි වෙන්නේ. ඒ වගේම Mid-range Budget එක දවසකට USD 70ක් වගේ වෙනවා.

ඉතින් ඔයා බල්ගේරියාවේ යනවානම් Belogradchik fortress, Rila Monastery, epic caves, mountain trekking, සහ යුරෝපයේ පැරණිම නගරය වන අති සුන්දර Plovdiv වෙත යන්නත් අමතක කරන්න එපා. 

Spring එක summer එක සහ Autumn එක බල්ගේරියාවේ සංචාරය කරන්න හොඳම කාල වෙනවා.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025